සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය වර්ග කිලෝමීටර් 220.6 ක භූමි ප්‍රමාණයකින් හා ග්‍රාම සේවා නිළධාරී වසම් 39 කින් යුතු බල ප්‍රදේශයකි. මෙහි 85132 ක පමණ ජනග්‍රහණයක් ජීවත් වන අතර මහජන නියෝජිතයින් 34 විසින් එහි නියෝජනය සිදු කරනු ලබයි. මනරම් කදුශිකර හා දියඇලිවලින් සුසැදි මනස්කාන්ත පරිසරය මෙන්ම ජෛව විවිධත්වයෙන් අනූන පාරිසරික පද්ධතියක් ද ප්‍රදේශයට වටිනාකමක් එක් කොට ඇත. එසේම පෞරාණික වටිනාකමින් යුක්ත වූ සීතාවක රාජධානියේ ඵෙතිහාසික නටබුන් මෙම ප්‍රදේශයට වටිනාකමක් එක් කොට ඇත. තේ, පොල්, රබර් හා සුළු අපනයන භෝග ආශ්‍රිත කෘෂිකාර්මික කටයුතු මෙම ප්‍රදේශයේ ප්‍රධාන ජීවනෝපයාන් වේ.

දැක්ම

තිරසර සංවර්ධනයෙන් පුබුදමු ගම් දනව්

මෙහෙවර

පවත්නා සම්පත් කාර්යක්ෂමව හා සඵලමත්ව යොදවමින් ප්‍රාදේශීය සභා බල ප්‍ර‍දේශය තුල මහජන සෞඛ්‍ය,පොදු උපයෝගිතා, පොදු මංමාවත් ඇතුලු පහසුකම් ජනතාවගේ සුඛ විහරණය,පහසුව සහ සුභසාධනය සම්පාදනය හා කිරීම තුලින් සුවදායි පරිසරයක් සහිත පරිසර සංවර්ධිත ප්‍රදේශයක් බවට පත් කිරිම.

දෙහිඕවිට ප්‍රාදේශීය සභාව සඳහා පොලිතින් ක්‍රෂර් මැෂින් (Plastic / polythene Thresher/shedder/Crusher Machine) එකක් ලබා ගැනීම සඳහා පිරිවිතර (ඇමුණුම 1)

පළාත් පාලන විශිෂ්ටයන්ගේ ස්වර්ණමය අභිෂේකය
“රන් අස්වනු 2022” සම්මාන උළෙල
2022 වසරේ සබරගමුව පළාතේ නැගී එන පළාත් පාලන ආයතනය
පළාත් පාලන විශිෂ්ටයන්ගේ ස්වර්ණමය අභිෂේකය
“රන් අස්වනු 2022” සම්මාන උළෙල
2022 වසරේ සබරගමුව පළාතේ හොදම ඝණ අපද්රව්ය කලමනාකරණ වැඩසටහන – පළමු වන ස්ථානය

දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ අභිනව ගරු සභාපතිවරයා ලෙස සමන්සිරි වීරසිංහ මැතිතුමා සර්ව ආගමික ආශිර්වාදය මධ්‍යයේ වැඩ ආරම්භ කිරීම අද දින (2025.06.20) සිදු විය.මෙම අවස්ථාව සඳහා  ගරු පරිසර අමාත්‍ය ධම්මික පටබැඳ මැතිතුමා, ප්‍රාදේශීය සභාවේ ගරු උප සභාපතිතුමා, ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමන්/ මන්ත්‍රීතුමියන්, රාජ්‍ය නිලධාරීන් හා ජනතාවද සහභාගී විය.

දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති සමන්සිරි වීරසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ලේකම්තුමියගේ මගපෙන්වීමෙන්, ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් සඳහා විශේෂ සම්මන්ත්‍රණයක් 2025.06.18 දින, දෙහිඕවිට ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී  සාර්ථකව පැවැත්විය.

“එළවළු පලතුරු සුවදෙයි නිරතුරු” යන තේමාව මුල්කරගනිමින් 2025 වසරේ ජූනි මස තුළ පෝෂණ මාසයට සමගාමීව පනාවල ප්‍රාදේශීය සභා පෙර පාසලේ දරුවන් සඳහා පෝෂණය සම්බන්ධයෙන් වැඩසටහනක් මාගම්මන ආයුර්වේදය මඟින් 2025.06.27 දින සිදු කරන ලදී.

සංචාරක ස්ථාන

මනරම් කදුශිකර හා දියඇලිවලින් සුසැදි මනස්කාන්ත පරිසරය මෙන් ම ජෛව විවිධයත්වයෙන් අනූන වූ පාරිසරික පද්ධතිය ද ප්‍රදේශයට සෞන්දර්යාත්මක වටිනාකමක් එක් කොට ඇත මෙම සුන්දර ප්‍රදේශයේ  නැරඹිය හැකි ස්ථාන 

අප ආයතනය පිලිබඳ

සබරගමුව පළාතට අයත් දිස්ත්‍රීක්ක දෙකින් කෑගල්ල දිස්ත්‍රීක්කයට අයත් දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ
අතර විශාලත්වයෙන් හතර වන ස්ථානය ගන්නා අතර එහි මුළු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 18608.09 ක් වේ.ග්‍රාම නිලධාරී වසම් 39 ක් මෙම කොට්ඨාශයට අයත්වේ.

ගරු සභාපතිතුමාගේ පණිවිඩය

තොරතුරු තාක්ෂණය භාවිතයෙන් දිනෙන් දින ඉදිරියට යමින් විශ්ව ගම්මානයක් බවට පත්ව ඇති ලෝකයේ තාක්ෂණික මෙවලම් භාවිතය කාලෝචිත පියවරක් ලෙස මම දකිමි. ඒ අනුව ආයතනයක කටයුතු විනිවිදභාවයෙන්, කාර්යක්ෂමව හා ජනතා සහභාගීත්වයෙන් යුතුව කඩිනමින් විස්වශනීය සේවාවක් තොරතුරු තාක්ෂණය භාවිතයෙන් බල ප්‍රදේශයේ නිරන්තර දියුණුව වෙනුවෙන් තොරතුරු තාක්ෂණයේ නිසි ප්‍රතිලාභයන් ජනතාව වෙතට ලබා දීම මෙම වෙබ් අඩවිය මඟින් හිමිකර දීමට මම බලාපොරොත්තු වෙමි.

සමන්සිරි වීරසිංහ, සභාපති.

ලේකම්තුමියගේ පණිවිඩය

තොරතුරු තාක්ෂණය භාවිතයෙන් සේවාවන්වල විනිවිදභාවය හා තොරතුරු දැනගැනීමේ අයිතිය සේවාලාභීන් වෙත ලබා දෙමින් ප්‍රදේශය විධිමත් සංවර්ධනය කරා යොමු කිරීම මෙම සභාවේ අරමුණ වේ. තාක්ෂණික මෙවලම් භාවිතයෙන් ඉදිරියට යන ලෝකයේ තොරතුරු තාක්ෂණය භාවිතයෙන් ඔබගේ එදිනෙදා සේවා අවශ්‍යතා කඩිනමින් හා විනිවිදභාවයෙන් යුතුව කාර්යක්ෂමව ඉටු කර ගැනීමට අප සමඟ එක් වන ලෙසට ඇරයුම් කරමි

ඩබ්.ඩී.එස්.පී.වල්පොල, ලේකම්.

දෙහිඕවිට

දෙහිඕවිට , ශ්‍රී ලංකා
0362 222 575
dehiowitaps@yahoo.com

මහජන පැමිණිලි හා පෙත්සම්

ව්‍යාපාර වලට අදාළ පැමිණිලි