සංවර්ධන අංශයෙන් ඔබට ලබාගත හැකි සේවාවන්

 ප්‍රාදේශීය සභා මාර්ග, කාණු, පැති බැමි, පඩි පෙල්, ළිං, සුසාන භූමි
නඩත්තු කිරීම හා ගොඩ නැගීම.
 වීථි රේඛා සහතික නිකුත් කිරීම.
 වීථි පහන් සවි කිරීම හා නඩත්තුව.
 ජීවිත හා දේපලවලට අනතුරුදායක ගස් කපා ඉවත් කිරීම.
 ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ සිදුකරනු ලබන සියළුම ඉදිකිරීම් හා
සංවර්ධන කටයුතු සඳහා අනුමැතිය ලබා දීම.
 බිම් කට්ටි සැළසුම් අනුමත කිරීම.
 ඉඩම් කොටස් අනුබෙදුම් කිරීම සඳහා අනුමැතිය ලබා දීම.
 ජල නළ එළීම සඳහා මාර්ගය පළුදු කිරීමට අවසර ලබා දීම.
 කසළ කළමනාකරණ කටයුතු.
 පරිසර බලපත්‍ර නිකුත් කිරීම.
 ඩෙංගු මර්දන කටයුතු.
 සුසාන භූමි පවත්වාගෙන යාම.
 ආදාහනාගාරය පවත්වාගෙන යාම.
 ගලි බවුසරය, ගලි බවුසරය, ගල් රෝල හා බැකෝ යන්ත්‍රය කුළියට ලබා දීම.

ප්‍රාදේශීය සභා මාර්ග

වෙනත් යම් අධිකාරියකට නීතියෙන් පවරන ලද බලතල හා වගකීම්වලට යටත්ව, ප්‍රාදේශීය සභාවේ පරිපාලන සීමා ඇතුළත ප්‍රධාන මංමාවත් නොවන සියළු මංමාවත් නොවන සියළු මංමාවත් හා මාර්ග වේ.  මංමාවත්වල සීමා ස්ථිර සලකුණු යොදා, නියම කිරීම හා එම මංමාවත් සඳහා පිඹුරු පත් සැකසීම.

ප්‍රාදේශීය සභාව සතු මංමාවත් සම්බන්ධයෙන් වූ කාර්යභාරය –

  • පවත්නා මංමාවත් වැඩි දියුණු කිරීම.
  • අළුතින් මංමාවත් ඉදිකිරීම.
  • මංමාවත් සංවර්ධනය සඳහා ඉඩම් ලබා ගැනීම.
  • මංමාවත් නඩත්තු කිරීම හා අළුත්වැඩියාව.
  • පෞද්ගලික දේපල හිමිකරුවන් සඳහා මංමාවත් ඉදිකිරීම.
  • මංමාවත් ඔස්සේ ගොඩනැගිලි ඉදි කිරීම.
  • මංමාවත්වල ඇති බාධක සම්බන්ධයෙන් ක්‍රියා කිරීම.
  • මංමාවත්වලට සිදු වන හානි හා පීඩා ගැන ක්‍රියා කිරීම.
  • විශේෂ කාර්යයන් සඳහා මංමාවත් ප්‍රයෝජනයට ගැනීම.

 

ප්‍රාදේශීය සභා මාර්ග කැඩී බිදී ගිය අවස්ථාවන් වලදී හෝ අළුත්වැඩියා සිදු කළ යුතු අවස්ථාවන් වලදී මාර්ග අළුත්වැඩියාව හා නව මාර්ග අවශ්‍ය විටදී මහජනතාව විසින් අළුත්වැඩියා කළ යුතු ක්‍රියා මාර්ග,

  • ලිඛිතව හො සභාවට පැමිණ දැනුම් දීම.
  • මහජන නියෝජිතයින් මගින් දැනුම් දීම.

පොදු මාර්ග ගැසට් කිරීම.

සේවාලාභියා විසින් ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන –

  • ඉල්ලීම් ලිපිය
  • මාර්ගයට අවශ්‍ය ඉඩම් අයිතිය ප්‍රාදේශීය සභාව වෙත පැවරීමට අයිතිකරුවන්ගේ කැමැත්ත ප්‍රකාශ කරන ලද දිවුරුම් ප්‍රකාශ හෝ ඔප්පුව.

 

සේවාවට අදාළ ප්‍රධාන වැඩ පියවර – 

  • මාර්ගය භාවිතා කරනු ලබන අයගේ ඉල්ලීම් ලිපියක් ලබා ගැනීම.
  • මාර්ගයට අවශ්‍ය ඉඩම් අයිතිකරුවන්ගේ කැමැත්ත ප්‍රකාශ කරන ලද දිවුරුම් ප්‍රකාශ හෝ ඔප්පු මඟින් අයිතිය ප්‍රාදේශීය සභාව වෙත පැවරීම.
  • මාර්ගය සඳහා පිඹුරු සැළැස්මක් සකස් කිරීම 
  • මහ සභා අනුමැතියෙන් පසුව ගැසට් කර විරෝධතා කැඳවීම.

විරෝධතා නොමැතිනම් නැවත ගැසට් කිරීම

ප්‍රාදේශීය සභා කාණු

මධ්‍යම රජය තුළින් පාලනය නොවන්නා වූ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පිහිට කාණු පද්ධති වේ. මෙම කාණු නඩත්තුව කළින් කලට ප්‍රාදේශීය සභාව විසින් සිදු කරනු ලබයි.

කාණු අවහිර කිරීමකදී හො අළුත්වැඩියා කළ යුතු අවස්ථාවන්දී හා කාණු පද්ධති ඉදි කිරීම අවශ්‍ය වූ විටදී ඒ සඳහා මහජනතාව විසින් අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග,

  • ලිඛිතව හො සභාවට පැමිණ දැනුම් දීම.
  • මහජන නියෝජිතයින් මගින් දැනුම් දීම.

පොදු ළිං

ප්‍රාදේශීය සභාව සතු දේපලවල තිබෙන්නා වූ හා වැඩි දෙනාගේ සුභ සිද්ධිය උදෙසා පෞද්ගලික ඉඩම් වල තිබෙන ප්‍රාදේශීය සභාව වෙත පවරා දුන් ළිං පොදු ළිං ලෙස හදුන්වයි.

එම පොදු ළිං නඩත්තුව හා පාලනය ප්‍රාදේශීය සභාව විසින් සිදු කරනු ලබයි.

 

ඉදිකිරීම් සඳහා අනුමැතිය ලබා දීම.

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ සිදු කරනු ලබන සියළු ඉදිකිරී සඳහා ප්‍රාදේශීය සභාවේ අනුමැතිය ලබා ගත යුතුයි. ඉදිකිරීම සිදු කිරීම ප්‍රාදේශීය සභාවේ අනුමැතිය ලබා ගැනීමකින් තොරව සිදු කරන්නේ නම් එම ඉදිකිරීම් අනවසර ඉදිකිරී සේ සළසා කටයුතු කිරීමද සිදු වේ.

සේවාලාභියා විසින් ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන – 

  • නිවැරිදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත
  • ඔප්පුවේ පිටපතක්
  • පිඹුරු සැළැස්මේ පටපතක්
  • සංවර්ධිත ස්ථානයට ළඟා වීමේ මාර්ග සිතියම
  • ගොඩනැගිලි සැළැස්මේ පිටපත් 03
  • ජා.ගො.ප.ස. විසින් නිකුත් කරන ලද සහතිකයේ මුල් පිටපත

අදාළ ගාස්තු – 

  • ජා.ගො.ප.ස. අයදුම්පත්‍රය – 25.00
  • ගොඩනැගිලි සැළසුම් අයදුම්පත්‍රය – 700.00
  • පෙරසැරි ගාස්තු, ආවරණ අනුමත ගාස්තු, අනුකූලතා සහතිකය සඳහා ගාස්තු ඉදිකිරීමේ වර්ග අඩි ප්‍රමාණය අනුව

සේවාවට අදාළ ප්‍රධාන වැඩ පියවර – 

  • අයදුම්පත්‍රය සඳහා ගාස්තු ගෙවා ගොඩනැගිලි අයදුම්පත ලබා ගැනීම.
  • සියළුම ලිපිලේඛන සමඟ භාරගැනීම හා අදාළ ගාස්තු අයකර ගැනීම.
  • සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී නිර්දේශ ලබා ගැනීම.
  • කමිටුවට ඉදිරිපත් කිරීම හා අදාළ නිර්දේශ අනුව සේවාලාභියා දැනුවත් කිරීම. (අඩුපාඩු ඇත්නම් ඒවා සම්පූර්ණ කරන ලෙස හෝ එසේ නොමැතිනම් අනුමත සැළැස්ම ලබාගන්නා ලෙස දැන්වීම)

සේවාවට අදාළ නීතිමය කරුණු (පනත්, චක්‍රලේඛ, ව්‍යවස්ථාපිත කරුණු) – 

  • නාගරික සංවර්ධන අධිකාරී පනත
  • ගාස්තු අය කිරීමේ ගැසට් නිවේදන
  • නිවාස හා නගර සංවර්ධන ආඥා පනත
  • අතුරු ව්‍යවස්ථා
  • ආපදා කළමනාකරණ අමාත්‍යංශ ලේකම්ගේ ජාගොපස 2011/1 චක්‍රෙල්ඛය
  • වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ 08/2014 චක්‍රලේඛය
  • මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි රැහැන් පද්ධති හා ගොඩනැගිලි සඳහා පවත්වා ගත යුතු සම්මත ආරක්ෂණ පරතරයන් ඇතුළත් ගැසට් නිවේදනය – 1975/44

බිම් කට්ටි සැළසුම් අනුමත කිරීම.

පළාත් පාලන ආයතයේ හා නාගරික සංවර්ධන අධිකාරියේ නීති රෙගුසාලි වලට අනුකූලව බිම් කට්ටි සඳහා අනුමැතිය ලබා දීම ප්‍රදේශීය සභාව විසින් සිදු කරනු ලබයි.

සේවාලාභියා විසින් ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන – 

  • නිවැරිදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය.
  • අනුමත මුල් අනුබෙදුම් සැළැස්මේ පිටපතක්.
  • ඔප්පුවේ පිටපතක්
  • නියමිත ගාස්තු ගෙවීම (සංවර්ධන කාර්යයයේ ස්භාවය අනුව වෙනස් වේ)

අදාළ ගාස්තු – 

  • ඉඩමේ ප්‍රමාණය අනුව ගාස්ත අය කෙරේ

සේවාවට අදාළ ප්‍රධාන වැඩ පියවර – 

  • බිම්කට්ටි සැළසුම් අයදුම්පත්‍රය ලබාගැනීම. 
  • සියළුම ලිපිලේඛන සමඟ අයදුම්පත්‍රය භාර ගැනීම හා අදාළ ගාස්තු අයකර ගැනීම.
  • කමිටුවට ඉදිරිපත් කිරීම හා අදාළ නිර්දේශ අනුව සේවාලාභියා දැනුවත් කිරීම. (අඩුපාඩු ඇත්නම් ඒවා සම්පූර්ණ කරන ලෙස හෝ එසේ නොමැතිනම් දින දීර්ඝ කර අනුමත සැළැස්ම ලබාගන්නා ලෙස දැනවීම)

සේවාවට අදාළ නීතිමය කරුණු (පනත්, චක්‍රලේඛ, ව්‍යවස්ථාපිත කරුණු) – 

  • නාගරික සංවර්ධන අධිකාරී පනත
  • ගාස්තු අය කිරීමේ ගැසට් නිවේදන
  • අතුරු ව්‍යවස්ථා
  • ආපදා කළමනාකරණ අමාත්‍යංශ ලේකම්ගේ ජාගොපස 2011/1 චක්‍රලේඛය
  • වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ 08/2014 චක්‍රලේඛය

වීථි රේඛා සහතික නිකුත් කිරීම.

ඉඩම් කොටසකට අදාළව මාර්ගයේ සිට යම් ඉදිකිරීම් සිදු කිරීමේදී මාර්ගය සඳහා අත් හැරිය යුතු ඉඩ ප්‍රමාණය නිවැරිදිව දැක්වීම හා වීථි රේඛා වලින් නිදහස් බවට සහතික කිරීම වීථි රේඛා සහතිකය මඟින් ලබාදෙනු ලබයි.

සේවාලාභියා විසින් ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන – 

  • නිවැරිදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය.
  • අනුමත අනුබෙදුම් සැළැස්මේ පිටපතක්.
  • ඔප්පුවේ පිටපතක් 
  • නියමිත ගාස්තු ගෙවීම (සංවර්ධන කාර්යයයේ ස්භාවය අනුව වෙනස් වේ)

අදාළ ගාස්තු – 

  • අයදුම්පත්‍ර ගාස්ත   – 350.00
  • සහතිකපත්‍ර ගාස්තු – 400.00

සේවාවට අදාළ ප්‍රධාන වැඩ පියවර – 

  • ගාස්තු ගෙවා අයදුම්පත්‍රය ලබාගැනීම. 
  • සියළුම ලිපිලේඛන සමඟ අයදුම්පත්‍රය භාර ගැනීම හා අදාළ ගාස්තු අයකර ගැනීම.
  • කාර්මික නිළධාරී වාර්තාව ලබා ගැනීම.
  • ආදායම් පරීක්ෂක නිර්දේශ ලබා ගැනීම.
  • අදාළ ගාස්තු අය කර වීථී රේඛා සහතිකය නිකුත් කිරීම.

සේවාවට අදාළ නීතිමය කරුණු (පනත්, චක්‍රලේඛ, ව්‍යවස්ථාපිත කරුණු) – 

  • නාගරික සංවර්ධන අධිකාරී පනත
  • 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත
  • ගාස්තු අය කිරීමේ ගැසට් නිවේදන
  • වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ 08/2014 චක්‍රලේඛය
  • මාර්ග සංවර්ධන අධිකාරියට අයත් නියමයන්

පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම.

1988 අංක 56 හා 2000 අංක 53 දරණ පනත්වලින් සංශෝධිත 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතේ 26 වැනි වගන්තිය ප්‍රකාරව පළාත් පාලන  ආයතන වෙත අභිනියෝජනය යටතේ දෙහිඕවිට ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුල පවත්වාගෙන යනු ලබන පහත සඳහන් ව්‍යාපාර සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබාගත යුතුයි. 

පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා ගත යුතු ක්‍රියාකාරකම්:-

  1. සියලුම වාහන ඉන්ධන පිරවුම්හල් (ද්‍රව පෙට්‍රෝලියම් හා ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායු)
  2. සේවක සංඛ්‍යාව 10 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සේවයේ යෙදෙන ඉටිපන්දම් නිෂ්පාදන කර්මාන්ත
  3. සේවක සංඛ්‍යාව 10 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සහ 25 ට අඩු සේවක සංඛ්‍යාවක් සේවයේ යෙදෙන පොල්තෙල් සිඳින කර්මාන්ත
  4. සේවක සංඛ්‍යාව 10 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සහ 25 ට අඩු සේවක සංඛ්‍යාවක් සේවයේ යෙදෙන මධ්‍යසාර අඩංගු නොවන බීම වර්ග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත
  5. වියළි ක්‍රියාවලි සහිත වී මෝල්
  6. මාසික නිෂ්පාදන ධාරිතාව කි.ග්‍රෑ.1000 කට අඩු වන ඇඹරුම්හල්
  7. දුම්කොළ වේලීමේ කර්මාන්ත
  8. ෂල්ෆර් දුම්ගැසීම සහිත එක් ක්‍රියාවලියකදී නිෂ්පාදන ධාරිතාව ග්‍රෑ.500 හෝ එයට වැඩි ධාරිතාවක් සහිත කුරුඳු දුම් ගැසීමේ කර්මාන්ත
  9. කෑමට ගන්නා ලුණු ඇහිරීමේ හා සැකසීමේ කර්මාන්ත
  10. ක්ෂණික තේ කර්මාන්ත ශාලා හැර අනෙකුත් තේ කර්මාන්ත ශාලා
  11. කොන්ක්‍රීට් පෙර සවි කර්මාන්ත
  12. යන්ත්‍රානුසාරයෙන් සිමෙන්ති බ්ලොක්ගල් නිෂ්පාදන කිරීමේ කර්මාන්ත
  13. දිනකට මෙට්‍රික් ටොන් 20ට අඩු නිෂ්පාදන ධාරිතාවක් සහිත හුණු පෝරණු
  14. ප්ලාස්ටර් ඔෆ් පැරිස් නිෂ්පාදන කිරීමේ කර්මාන්ත හෝ සේවකයින් 25ට අඩු සංඛ්‍යාවක් සේවයේ නියුක්ත පිඟන් මැටි භාණ්ඩ නිෂ්පාදන කිරීමේ කර්මාන්ත
  15. සියළු බෙලිකටු ඇඹරීමේ කර්මාන්ත
  16. උළු සහ ගඩොල් කර්මාන්ත
  17. එක් වරකට එක් බෝර වලක් බැගින් පුපුරවමින් මසකට ඝන මීටර් 600 නිෂ්පාදන ධාරිතාවකට අඩු මිනිස් ශ්‍රමය හා පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරනු ලබන කැණීම්
  18. දිනකට ඝන මීටර් 50ට අඩු දැව ඉරුම් ධාරිතාවක් ඇති ලී මෝල් හෝ බෝරෝන් පිරියම් ක්‍රමය භාවිතයෙන් දැව පිරියම් කිරීමේ කර්මාන්ත හෝ දැව පදම් කිරීමේ කර්මාන්ත
  19. බහු කාර්ය යන්ත්‍ර භාවිතා කරන වඩු කර්මාන්ත හෝ සේවකයින් 05ට වැඩි 25ට අඩු ගණනක් සේවයේ යෙදෙන දැව ආශ්‍රිත කර්මාන්ත
  20. නේවාසික කාමර 05ක් හෝ ඊට වැඩි සහ 20ට අඩු හෝටල් ආගන්තුක නිවාස හෝ තානායම්
  21. වාහනවල වායු සමීකරණ යන්ත්‍ර අලුත්වැඩියා කිරීමේ, නඩත්තු කිරීමේ හා පෙරසවි කිරීමේ කටයුතු සිදු කරන ස්ථාන
  22. ශීතකරණ හා වායු සමීකරණ යන්ත්‍ර අලුත්වැඩියා කිරීමේ, නඩත්තු කිරීමේ හා සවි කිරීමේ කටයුතු සිදු කරන ස්ථාන
  23. වාහන සේවා කටයුතු සිදු නොකරන කන්ටේනර් බහාලූ පර්යන්ත
  24. සේවක සංඛ්‍යාව 10ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සේවයේ යෙදෙන සියලුම විදුලි හෝ ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ අලුත්වැඩියා කිරීමේ ස්ථාන
  25. ඊයම් උණු කිරීම සිදු කිරීම ඇතුළත් නොවන මුද්‍රණාල සහ අකුරු මුද්‍රණය කිරීමේ යන

සේවාලාභියා විසින් ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන – 

  • නිවැරිදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත
  • ඔප්පුවේ පිටපතක්
  • පිඹුරු සැළැස්මේ පිටපතක්
  • සංවර්ධිත ස්ථානයට ළඟා වීමේ මාර්ග සිතියම
  • භූ විද්‍යා හා පතල් කැණීම් බලපත්‍රය (ඇත්නම්)

 

අදාළ ගාස්තු – 

  • බලපත්‍ර ගාස්තු 4000.00
  • පාරිසරික ආරක්ෂණ බලපත්‍ර අයදුම්පත්‍ර ගාස්තුව –   250.00
  • පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ගාස්තුව             – 4000.00
  • පරීක්ෂණ ගාස්තු (මහා පරිමාන ලී මෝල් සඳහා)             – 7500.00
  • පරිසර ආරක්ෂණ බලපත්‍ර අළුත් කිරීමේ පෝරම ගාස්තු    –  100.00 
  • පරීක්ෂණ ගාස්තුව (වර්ෂ තුනටම අදාළව)

මූලික ආයෝජන මුදල           අයකරන ගාස්තුව                                       රු. ශ.

රු.250,000 හෝ ඊට අඩු 3,000.00

රු.250,001 හෝ රු.500,000 දක්වා 3,750.00

රු.500,001 හෝ රු.1,000,000 දක්වා 5,000.00

රු.1,000,001 හෝ ඊට වැඩි           10,000.00

සේවාවට අදාළ ප්‍රධාන වැඩ පියවර – 

  • අයදුම්පත්‍රය සඳහා ගාස්තු ගෙවා අයදුම්පත ලබා ගැනීම.
  • සියළුම ලිපිලේඛන සමඟ භාරගැනීම හා අදාළ ගාස්තු අයකර ගැනීම.
  • කමිටුවට ඉදිරිපත් කිරීම හා අදාළ නිර්දේශ අනුව සේවාලාභියා දැනුවත් කිරීම. (අඩුපාඩු ඇත්නම් ඒවා සම්පූර්ණ කරන ලෙස හෝ එසේ නොමැතිනම් අනුමත බලපත්‍රය ලබාගන්නා ලෙස දැන්වීම)

සේවාවට අදාළ නීතිමය කරුණු (පනත්, චක්‍රලේඛ, ව්‍යවස්ථාපිත කරුණු) – 

  • 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත
  • 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනත
  • ගාස්තු අය කිරීමේ ගැසට් නිවේදන

ඉඩමක් අනුබෙදුම් කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීම.

යම් විශාල ඉඩමක් අනුබෙදුම් කර විකිණීම සිදු කිරීමේදී ඒ සඳහා විධිමත් අවසරයක් ලබා ගැනීම අනිවාර්යයෙන් සිදු කළ යුතුයි. 

සේවාලාභියා විසින් ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන – 

  • නිවැරිදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය.
  • පිඹුරු සැළැස්ම
  • ඔප්පුවේ පිටපතක්
  • නියමිත ගාස්තු ගෙවීම (සංවර්ධන කාර්යයේ ස්භාවය අනුව වෙනස් වේ)

අදාළ ගාස්තු – 

  • ඉඩමේ කට්ටි ප්‍රමාණය අනුව ගාස්ත අය කෙරේ
  • අයදුම්පත්‍ර ගාස්තු – 250.00
  • ජා.ගො.ප.සං. අයදුම්පත්‍ර ගාස්තු – 25.00

සේවාවට අදාළ ප්‍රධාන වැඩ පියවර – 

  • මුදල් ගෙවා අනුබෙදුම් සැළසුම් අයදුම්පත්‍රය ලබාගැනීම. 
  • සියළුම ලිපිලේඛන සමඟ අයදුම්පත්‍රය භාර ගැනීම හා අදාළ පෙරසැරි ගාස්තු අයකර ගැනීම.
  • මූලික සැළසුම් නිරාකරණය නා.සං.අධිකාරිය මඟින් ලබා ගැනීම.
  • ජා.ගො.ප.සං. නිර්දේශ ලබා ගැනීම.
  • ප්‍රාදේශීය ලේකම් නිර්දේශය ලබා ගැනීම.
  • කමිටුවට ඉදිරිපත් කිරීම හා අදාළ නිර්දේශ අනුව සේවාලාභියා දැනුවත් කිරීම. (අඩුපාඩු ඇත්නම් ඒවා සම්පූර්ණ කරන ලෙස හෝ එසේ නොමැතිනම් අනුමත සැළැස්ම ලබාගන්නා ලෙස දැනවීම)

සේවාවට අදාළ නීතිමය කරුණු (පනත්, චක්‍රලේඛ, ව්‍යවස්ථාපිත කරුණු) – 

  • 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරී පනත
  • ගාස්තු අය කිරීමේ ගැසට් නිවේදන
  • අතුරු ව්‍යවස්ථා
  • නිවාස හා නගර සංවර්ධන ආඥා පනත (268 වන අධිකාරිය)
  • 2005 අංක 20 දරණ තේ හා රබර් වතු (කැබලි කිරීමේ පාලන) පනත
  • පරිසර පද්ධතියට සිදුවන හානි අවම කර ගැනීමේ අමාත්‍ය මණ්ඩල සන්දේශය
  • ආපදා කළමනාකරණ අමාත්‍යංශ ලේකම්ගේ ජාගොපස 2011/1 චක්‍රලේඛය
  • වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ 08/2014 චක්‍රලේඛය

අනතුරුදායක ගස් ඉවත් කර ගැනීම.

දේපලවලට හෝ ජනතාවට අනතුරුදායකව පවතින ගස් යම් ඉල්ලීමක් සිදු කළ විටදී අදාළ වසමේ ග්‍රාම නිළධාරී නිර්දේශයන්ට අනුව ඉවත් කිරීමට අදාළ කටයුතු ප්‍රාදේශීය සභාව විසින් සිදු කරනු ලබයි.

සේවාලාභියා විසින් ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන – 

  • නිවැරිදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය.

අදාළ ගාස්තු – 

  • සාමාන්‍ය ගසක් සඳහා අයදුම්පත්‍ර ගාස්තු – 300.00
  • කොස්,දෙල් ගස් සඳහා අයදුම්පත්‍ර ගාස්තු – 400.00

සේවාවට අදාළ ප්‍රධාන වැඩ පියවර –

  • මුදල් ගෙවා අයදුම්පත්‍රය ලබාගැනීම. 
  • අයදුම්පත්‍රය සමිපූර්ණ කර ග්‍රාම නිළධාරී වාර්තාව සමඟ  භාර දීම. 
  • කාර්මික නිළධාරී නිර්දේශය ලබා ගැනීම.
  • ගසේ අනතුරුදායක ස්භාවය අනුව නිවේදන නිකුත් කිරීම.

සේවාවට අදාළ නීතිමය කරුණු (පනත්, චක්‍රලේඛ, ව්‍යවස්ථාපිත කරුණු) –

  • 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත

මෘත ශරීරයක් භූමදාන කිරීම.

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ යම් පුද්ගලයෙකු මරණයකට පත් වූ අවස්ථාවකදී ප්‍රාදේශීය සභාවේ අනුමැතිය ලබා දීමෙන් පසුව සභාව සතු පොදු සුසාන භූමි තුළ භූමදාන කිරීම සිදු කිරීමට ජනතාවට අවස්ථාව ලබා දෙනු ලබයි.

සේවාලාභියා විසින් ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන –

  • ඉල්ලීම් ලිපිය.
  • මරණය ලියාපදිංචි කිරීමේ සහතිකය
  • ඉල්ලුම්කරුගේ ජාතික හැදුනුම්පතෙහි පිටපතක්

අදාළ ගාස්තු –

  • භූමදාන කිරීමේ ගාස්තු – 100.00

සේවාවට අදාළ ප්‍රධාන වැඩ පියවර –

  • අවශ්‍ය  ලිපිලේඛන  භාරගැනීම.
  • කාර්මික නිළධාරී වාර්තාවක් ලබා ගැනීම.
  • අදාළ ගාස්තු අයකර රිසිට්පතක් නිකුත් කිරීම.
  • සුසාන භූමි භාරකරුට ඉඩ වෙන්කර දෙන ලෙසට දැනුම්දීම.

සේවාවට අදාළ නීතිමය කරුණු (පනත්, චක්‍රලේඛ, ව්‍යවස්ථාපිත කරුණු) – 

  • ගාස්තු අය කිරීමේ ගැසට් නිවේදන
  • 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත
  • සුසාන භූමි හා භූමදාන ආඥාපනත (231 වන අධිකාරිය)

ආදාහනාගාරය.

 

 

පිහිටීම.

ඊරියගොල්ල, දෙහිඕවිට. 

මෘත ශරීරයක් ආදාහනය කිරීම.

සේවාලාභියා විසින් ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන –

  • සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
  • මරණය ලියාපදිංචි කිරීමේ සහතිකය
  • ඉල්ලුම්කරුගේ ජාතික හැදුනුම්පතෙහි පිටපතක්

අදාළ ගාස්තු –

  • ආදාහනය  කිරීමේ ගාස්තු (බල ප්‍රදේශය තුළ) 6500.00
  • ආදාහනය  කිරීමේ ගාස්තු (බල ප්‍රදේශය පිටත) 7500.00

සේවාවට අදාළ ප්‍රධාන වැඩ පියවර –

  • අවශ්‍ය  ලිපිලේඛන  භාරගැනීම.
  • අදාළ ගාස්තු අයකර රිසිට්පතක් නිකුත් කිරීම.
  • අදාහනාගාර භාරකරුට ආදාහනය කරන ලෙසට දැනුම්දීම.

සේවාවට අදාළ නීතිමය කරුණු (පනත්, චක්‍රලේඛ, ව්‍යවස්ථාපිත කරුණු) –

  • ගාස්තු අය කිරීමේ ගැසට් නිවේදන
  • 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත
  • සම්මත අතුරු ව්‍යවස්ථාව
  • සුසාන භූමි හා භූමදාන ආඥාපනත (231 වන අධිකාරිය)

ගලි බවුසරය කුලියට දීම.

 සේවාලාභියා විසින් ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන –

  • සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
  • අපද්‍රව්‍ය බැහැර කරනු ලබන ස්ථානය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව.

අදාළ ගාස්තු –

  • එක් වාරයක් සඳහා – 5000.00
  • දුර අනුව මීටර් පැය 1 ක් සඳහා  – 400.00

සේවාවට අදාළ ප්‍රධාන වැඩ පියවර –

  • අයදුම්පත්‍රය ලබා ගැනීම 
  • අයදුම්පත්‍රය සම්පූර්ණ කර භාර දීම.

ජල බවුසරය කුලියට දීම.

සේවාලාභියා විසින් ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන –

  • සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
  • ජල සම්ප්‍රාදන මණ්ඩලයට මුදල් ගෙවූ ලදුපත

අදාළ ගාස්තු –

  • එක් වාරයක් සඳහා – 2500.00
  • දුර අනුව මීටර් පැය 1 ක් සඳහා  – 400.00

සේවාවට අදාළ ප්‍රධාන වැඩ පියවර –

  • අයදුම්පත්‍රය ලබා ගැනීම 
  • අයදුම්පත්‍රය සම්පූර්ණ කර භාර දීම. 
  • ජල සම්ප්‍රාදන මණ්ඩලයට මුදල් ගෙවීම. 
  • සභාපති/ලේකම් අනුමැතිය ලබා ගැනීම.
  • ගාස්තු අයකර සේවාව ලබා දීම.

බැකෝ යන්ත්‍රය, ටිපර් යන්ත්‍රය, ලෙලන තලන යන්ත්‍රය  කුලියට දීම.

සේවාලාභියා විසින් ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන –

  • සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය

අදාළ ගාස්තු – 

  • බැකෝ යන්ත්‍රය – මීටර් පැය 1 ක් සඳහා  – 2000.00
  • ලෙලන තලනය – මීටර් පැය 4 ක් සඳහා  – 6750.00 ( පැය 4 කට වැඩිවන සෑම පැයකටම 1700.00)
  • ටිපර් රථය (කිලෝ මීටර් 100 ක් සඳහා) – 8000.00 (වැඩිවන සෑම කිලෝ මීටර් 1 ක් සඳහා 70.00 බැගින්)

සේවාවට අදාළ ප්‍රධාන වැඩ පියවර –

  • අයදුම්පත්‍රය ලබා ගැනීම 
  • අයදුම්පත්‍රය සම්පූර්ණ කර භාර දීම. 
  • සභාපති/ලේකම් අනුමැතිය ලබා ගැනීම.
  • ගාස්තු අයකර සේවාව ලබා දීම.

ජලනළ ඒළීම සඳහා මාර්ග පළුදු කිරීම සඳහා අවසර ලබා දීම.

ප්‍රාදේශීය සභාවට අයත් පොදු මාර්ග හරහා ජලය ලබා ගැනීමේ නළ එළීම සඳහා මාර්ගය පළුදු කිරීම සිදු කළ යුතු අවස්ථාවලදී ඒ සඳහා විධිමත් අවසරයක් ලබා ගත යුතුයි.

 

සේවාලාභියා විසින් ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන –

  • ජල සම්ප්‍රාදන මණ්ඩලය විසින් සිදු කරනු ලබන ඉල්ලීම් ලිපිය

අදාළ ගාස්තු – 

  • සේවා ගාස්තු – 500.00
  • කොන්ක්‍රීට් පාර අඩි 1 පළලට මීටරයක් පළුදු කිරීම සඳහා තැන්පතු මුදල  – 3500.00
  • තාර පාර අඩි 1 පළලට මීටරයක් පළුදු කිරීම සඳහා තැන්පතු මුදල           – 2500.00
  • බොරළු  පාර අඩි 1 පළලට මීටරයක් පළුදු කිරීම සඳහා තැන්පතු මුදල     – 1000.00

සේවාවට අදාළ ප්‍රධාන වැඩ පියවර – 

  • ජල සම්ප්‍රාදන මණ්ඩලය විසින් සිදු කරනු ලබන ඉල්ලීම් ලිපිය ඉදිර්පත් කිරීම
  • කාර්මික නිළධාරී වාර්තාව ලබා ගැනීම
  • අදාළ ගාස්තු ගෙවීම
  • මාර්ගය පළුදු කිරීමට අවශ්‍ය අවසරය ලබා දීම.

වීථි පහන් සවි කිරීම හා නඩත්තුව.

පදිනයින්ගේ ආරක්ෂාව, සොර සතුරු බිය අඩුකර ගැනීමට මෙන්ම අලංකාරය සඳහා පලාත් පාලන විසින් පොදු මංමාවත්, මහාමාර්ග ඇතුළු ඇතුළු පොදු ස්ථානවල රාත්‍රී ආලෝකකරණය උදෙසා වීථි පහන් සවි කර නඩත්තු කිරීම සිදු කරනු ලබයි.

සේවාලාභියා විසින් ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන – 

  • ඉල්ලීම් ලිපිය

සේවාවට අදාළ ප්‍රධාන වැඩ පියවර – 

  • ඉල්ලීම් ලිපිය ඉදිරිපත් කිරීම
  • කාර්මික නිළධාරී වාර්තාව ලබා ගැනීම
  • ලේකම්/සභාපති අනුමැතිය ලබා ගැනීම.
  • විදුලි කාර්මික වෙත අළුත්වැඩියාව හෝ සවි කිරීම සිදු  කරන ලෙසට දැන්වීම.

ඩෙංගු මර්දනය.

ඩෙංගු රෝගය පාලනය වෙනුවෙන් විවිධ ක්‍රියාමාර්ග ගැනීම මෙම සභාව විසින් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය හා එක්ව සිදු කරනු ලබයි.

ඩෙංගු රෝග පාලනය වෙනුවෙන් සිදු කරනු ලබන ක්‍රියාකාරකම්

  • ජනතාව දැනුවත් කිරීම. (ශබ්ද විකාශන යන්ත්‍ර, පෝස්ටර්, අත් පත්‍රිකා මඟින්)
  • ධූමායන කටයුතු.
  • මදුරුවන් බෝවන ස්ථාන ඇත්දැයි නිවාස පරීක්ෂාව සිදු කිරීම හා එවැනි ස්ථාන වෙතොත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම.
  • නිවාස ඉදිකිරීමේ කටයුතු වලදී මදුරුවන් බෝ නොවන සේ එම ඉදිකිරීම් කටයුතු සිදු කරන ලෙසට දැන්වීම.
  • මදුරුවන් බෝ විය හැකි ස්ථාන ශ්‍රමදාන මඟින් පිරිසිදු කිරීම.
  • ඩෙංගු රෝගය සම්බන්ධයෙන් පාසල් දරුවන් දැනුවත් කිරීම.
  • නොදිරන කසළ (වීදුරු, ප්ලාස්ටික්, ඉලෙක්ට්‍රොනික උපකරණ) එකතු කිරීමේ වැඩසටහන් සිදු කිරීම.

ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකය

 

දැක්ම

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජීවත්වන ප්‍රජාව තුළ නවීන හා තිරසාර ඝන අපද්‍රව්‍ය අවම කිරීම, ප්‍රතිචක්‍රීකරණය සහ එකතු කිරීමේ සේවාවන් සංවර්ධනය කිරීම, ක්‍රියාත්මක කිරීම හා නඩත්තු කිරීම සඳහා නායකත්වය සැපයීම.

මෙහෙවර ප්‍රකාශය

ඒකාබද්ධ, පිරිවැය ඵලදායී සහ පරිසර හිතකාමී ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියක් සැපයීම සහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය  හරහා තිරසාර ප්‍රජා වැඩසටහන් හා ප්‍රතිපත්තී ප්‍රවර්ධනය කිරීම.

 

පාරසරික ප්‍රතිපත්තිය

ඝණ අපද්‍රව්‍ය එකතු කිරීම හා කළමනාකරණය කිරීම පරිසර හිතකාමී අයුරින් හා නියාමන අවශ්‍යතා අනුව කටයුතු කිරීම. පාරසරික ප්‍රතිපත්තිය ක්‍රීයාත්මක කිරීම සඳහා පහත අනු බෙදීමකට ලක් කොට සිදුකිරීම

  1. අඛණ්ඩ වැඩිදියුණු කිරීම: 

විවිධ පාර්ශවකරුවන් හා සංවිධාන සමඟ සම්බන්ධීකරණය, සහභාගීත්වය හා අධ්‍යාපනය තුළින් අංශයන් හි උත්සාහයන් වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම.

  1. මූලෝපායික චින්තනය: 

අනාගත අවශ්‍යතා සහ අභියෝගයන් අපේක්ෂා කරන අතරම අපගේ වර්තමාන අවශ්‍යතා සහ අභියෝග ජය ගැනීම සඳහා තිරසාරත්වය ප්රවර්ධනය කරන ව්යාපෘති, වැඩසටහන් හා ක්‍රියාවලීන් සඳහා කැපවීම.

  1. අවංකභාවය: 

එකිනෙකා හා අපගේ ප්‍රජාව සමග අවංක, සදාචාරාත්මක, වෘත්තීය සහ ගෞරවනීය ආකාරයෙන් ක්‍රියා කිරීම, පුද්ගලික වගකීම් භාර ගැනීම හා ප්‍රතිඵල ලබා ගැනීම සඳහා වගකීම පැවරීම.

  1. සාමූහික කටයුතු: 

කාර්ය මණ්ඩලය, දැක්ම හා ක්‍රියාකාරිත්වය සාක්ෂාත් කර ගැනීම අරමුණු කරගත් කාර්ය මණ්ඩලයට, අපගේ ප්‍රජාව, කොන්ත්‍රාත්කරුවන් හා පාර්ශ්වකරුවන් සමඟ ඒකාබද්ධතාව සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම.

  1. අධ්‍යාපනය: 

තිරසාරත්වය, පාරිසරික වගකීම, ප්‍රතිචක්රීකරණය සහ නිසි කසළ කළමනාකරණය පිළිබඳව අඛණ්ඩව අප හා අපගේ ප්‍රජාව දැනුවත් කිරීම.

හැඳින්වීම

සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරි වසම් 39 කින් යුක්ත ප්‍රදේශය දෙහිඕවිට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයයි. එය ඓතිහාසික වටිනාකමකින් යුත් සීතාවක රාජධානියේ පිහිටා ඇති අතර,මුළු ජනගහනය 85132 ට අධික ප්‍රමාණයක් ගම් 134 ක ජීවත්ව සිටී. වර්ග කීලෝමීටර් 220.6 ක භූමි ප්‍රමාණයක ව්‍යාප්තව පවතී.වාර්ෂික වර්ෂාපතනය මී.මී.3500 – 5000 පමණ වන අතර සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 31 ක පමණකින් යුත් කාලගුණික තත්වයන්ගෙන් සමන්විත වේ. වරිපනම් ඒකක 5058 තුලින් දළ වශයෙන් ටොන් 7 ක කසල  ප්‍රමාණයක් ජනනය වන අතර ඉන් ඒකක 2937 කින් ජනිත වෙන ටොන් 3 ක ප්‍රමාණයක්   එකතු කිරීම සිදු කරයි.

දැනට දෙහිඕවිට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල කසළ එකතු කිරීම කලාප තුනකට වෙන් කොට දෛනික කාල සටහනකට අනුව එකතු කරන ලබන අතර තල්දුව නගරයේ බඳාඳා හා සෙනසුරාදා පවත්වනු ලබන සති පොලෙහි දිරන කසල බැහැර කිරිම සඳහා ට්‍රේලර රථ දෙකක් ගාල් කොට ඇත. එකතු කළා වු කසල අවසන් කසළ බැහැර කරලීම සඳහා දීගලවත්ත කසළ කලමනාකරණ මධ්‍යස්ථානය වෙත රැගෙන යනු ලබයි.මෙම මධ්‍යස්ථානය තුලදි කම්කරුවන් විසින් තවදුරටත් කසල වර්ගීකරණය කර (පොළිතින්.ප්ලාස්ටික්.පෙට්.විදුරු.පී.වී.සී.පොල්කටු ලෙස)වෙන් වෙන්ව ගබඩා කරනු ලබයි.

දිගලවත්ත කසළ කලමනාකරණ ව්‍යාපෘතිය 2016.10.18 දින විවෘත කොට පවත්වා ගෙන යනු ලබන අතර මේ වන විට 100’ X 30 ප්‍රධාන කොම්පොස්ට් අංගනයකින්ද 40’ X 25 ගබඩාවකින්ද දෛනිකව භාවිතයට ගන්නා උපකරණ ගබඩා කිරීම සඳහා කුඩා ප්‍රමාණයේ ගබඩාවකින් හා කාර්යාලයකින් මෙම මධ්‍යස්ථානය සමන්විත වේ.ඊට අමතරව විද්‍යුත් අපද්‍රව්‍යය ගබඩා කිරීමට නව ගබඩාවක්ද 2017 වර්ෂයේදී ඉදිකර ඇත.මෙහි  කොම්පොස්ට් කරනයේ දෛනික ධාරිතාව ටොන් 1.5 ක් පමණ වේ.

දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ කසල කළමනාකරනය යටතේ එකතු කරනු ලබන නොදිරන  කසළ වලින් කොටසක් ප්‍රතිචක්‍රිකරණය කල හැකි වුවද  අපහරණයට ලක් වු ලන්ච් සීට්. ෂොපින් කවර, පොලිතින්, යෝගට් කප් හා කිරි පැකට් වැනි ද්‍රව්‍ය නැවත ප්‍රතිචක්‍රිකරනය කල නොහැකි අතර ඒවා බැහැර කිරිම ගැටළුවක්ව  පවතී. මෙයට තාවකාලික විසදුමක් ලෙස බේල් යන්ත්‍රය මගින් කසල කුට්ටි සකසා හිස් බිම් පිරවීම සඳහා යොමු කෙරේ. 

දැනට කසළ රුස් නොකරන ප්‍ර‍දේශයන් හි කසල රුස් කිරීම සඳහා ඉහත සඳහන් කර ඇති කසළ අංගනයේ ධාරිතාව ප්‍රමානවත් නොවේ.

අනු අංකය

විස්තරය

ප්‍රමාණය

01.

බල ප්‍රදේශයේ භූමී ප්‍රමාණය

220.6(km2)

02.

ජනගහනය

85132

03.

ග්‍රාම නිලධාරී කොට්ඨාශ ගණන

39

04.

ග්‍රාමයන් ගණන

134

05.

නිවාස ඒකක ගණන

20116

06.

වරිපනම් ඒකක ගණන

5058

07.

කසළ එකතු කීරිම ආවරණය වන ඒකක ගණන

2937

ඝණ අපද්‍රව්‍ය එකතු කිරිමේ සංයුතිය හා ආවරණය වන පරිශ්‍ර

කොට්ඨාශය

පරිශ්‍ර ගණන

කොම්පෝස්ට්කරණයට  ලක් කරන දිරන කසළ (ටොන්)

ප්‍රතිචක්‍රීකරනය  කල හැකි නොදිරන කසළ (ටොන්)

අවසන් බැහැරලීමට යොමු කරන කසල (ටොන්)

එකතුව

(ටොන්)

1

1458

0.50

0.50

0.50

1.50

2

756

0.25

0.25

0.25

0.75

3

723

0.25

0.25

0.25

0.75

එකතුව

2937

1.00

1.00

1.00

3.00

දෙහිඕවිට ප්‍රාදේශීය සභා බල ප්‍ර‍දේශය තුල කසළ කළමනාකරණ කටයුතු සිදු කිරිමේ දි කසළ දිරන සහ නොදිරන ලෙස වෙන්කර එකතු කිරිම මේ වන විට ආරම්භ කර පවත්වා ගෙන යයි. එහි ප්‍රතිඵලයක් ලෙස නොදිරන කසළ තුල ඇති ප්‍රතිචක්‍රිකරනය කල හැකි ද්‍රව්‍ය වන ප්ලාස්ටික්,යකඩ,විදුරු,පි.වි.සි,කාඩ් බෝඩ් හා පොල් කටු වැනි ද්‍රව්‍යය වෙන් වෙන් වශයෙන් ගබඩා කිරිම් ආරම්භ කර ඇති අතර ප්ලාස්ට්ක් වැනි ද්‍රව්‍ය තව දුරටත් විකිණිය හැකි තත්වයට පත්කර ගැනීමට තාක්ෂණික දැනුමේහි අවශ්‍යතාවය ඉතා දැඩිව දැනෙමින් පවති.එමෙන්ම කසළ එකතු කිරිමේ ආවරණ කලාපය ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බැවින් එහි වපසරිය පුළුල් කිරිම මඟින් කසළින් තොර යහපත් පුරවරයක් ගොඩනැංවීමට ඉහළ දායකත්වයක් ලබා දෙතැයි බලාපොරොත්තු වේ.දෛනිකව කසල එකතු කිරීමේ සිතියම, කාලසටහන හා සංයුතිය පහත අයුරින් දක්වා ඇත.

කසළ කළමනාකරණ ඒකකයේ සංවිධාන සටහන

 

 කසළ කළමනාකරණ ඒකකය මඟින් සිදු කරනු ලබන සේවා

  • වීදි අතුගෑම.
  • ප්‍රධාන නගර දෙකෙහි වීදි අතුගෑම සඳහා කම්කරුවන් දෙදෙනෙකු යොදවා ඇත. 
  • ට්‍රැක්ටර් රථ මඟින් කසළ එකතු කිරීම.
  • දෛනිකව කසළ එකතු කිරීමේ මාර්ග සිතියමට අනුව කාලසටහනකට අනුව කසළ එකතු කිරීම සිදු කරනු ලබයි.
  • ට්‍රැක්ටර් රථ 04 ක් යොදා ගනිමින් කසළ එකතු කිරීම සිදු කරන අතර, කසළ එකතු කිරීම විධිමත්ව සිදු කරන්නේදැයි වැඩ පරීක්ෂක මහතෙකු නිරන්තරයෙන් අධීක්ෂණය කරනු ලබයි.
  • කසළ ලබා ගැනීමේදී අනිවාර්යයෙන් එම කසළ දිරන හා නොදිරන ලෙසට වෙන් කර ලබා ගනී.
  • කසළ එකතු කිරීමට ට්‍රැක්ටර් රථ පැමිනෙන බව ජනතාව වෙත ට්‍රැක්ටර් රථවල සවිකර ඇති සීනු නාද කිරීමෙන් ජනතාව වෙත දැනුම් දෙනු ලබයි.
  • කොම්පොස්ට් නිෂ්පාදනය හා අලෙවිය.

දෛනිකව එකතු කරනු ලබන ට්‍රැක්ටර් රථ මඟින් දිරන හා නොදිරන කසළ වෙන් කර දීගලවත්ත කසළ කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලබා දෙනු ලබයි. එම මධ්‍යස්ථානයේදී දිරන කසළ කොම්පෝස්ට් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා භාජනය කරනු ලබයි.

 

  • විද්‍යුත් අපද්‍රව්‍ය එකතු කිරීම.

ප්‍රාදේශීය සභාව විසින් ජනතාව දැනුවත් කර සියළු ප්‍රදේශ ආවරණය වන පරිදි මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන්ගේද සහභාගීත්වයෙන් විද්‍යුත් අපද්‍රව්‍ය එකතු කිරීමේ සේවාවන් පවත්වාගෙන යන අතර, එහිදී එකතු වන අපද්‍රව්‍ය වලින් පෞද්ගලික අංශය වෙත අලෙවි කළ හැකි ද්‍රව්‍ය අලෙවි කිරීමද සිදු කරනු ලබයි.

  • ගෘහස්ථ කොම්පොස්ට් බදුන් බෙදාදීම.

ප්‍රදේශයේ ජනතාවගේද ඉල්ලීමට අනුව ගෘහස්ථව ඉවතලන අපද්‍රව්‍ය තුළින් කොම්පෝස්ට් නිෂ්පාදනය වෙත ජනතාව නැඹුරු කිරීම සඳහා මෙම බඳුන් බෙදා දීම සිදු කරනු ලබයි.

 

  • ශ්‍රමදාන වැඩසටහන් මඟින් පිරිසිදු කිරීමේ වැටසටහන් පැවැත්වීම.

ප්‍රදේශීය සභාවේ සියළු නිළධාරීන්ගේ හා ප්‍රදේශයේ රාජ්‍ය ආයතන, සිවිල් සංවිධානවල දායකත්වය ලබා ගනිමින් ශ්‍රමදාන වැඩසටහන් පැවැත්වීම සිදු කරනු ලබයි.

 

  • පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.
  • බල ප්‍රදේශයේ ජනතාව විධිමත්ව කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම. (අත් පත්‍රිකා බෙදීම, සමාජ ජාලා මඟින්, රැස්වීම් මඟින්)

ජනතාවගේ විසින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග

      • ව්‍යාපාරික ස්ථානවල උත්පාදනය වන කසළ දිරන හා නොදිරන ලෙස වෙන් කිරීම.
      • මාර්ගය වෙත කිසිම අවස්ථාවක කසළ බැහැර නොකිරීම.
      • කෑම එතීම සඳහා පොලිතීන් භාවිතා නොකිරීම.
      • මුළුතැන්ගෙයි හා නාන කාමරයෙන් පිටවන අපජලය ප්‍රධාන කාණු තුළට නොයැවීම.
      • තම වෙළද ආයතනයේ සේවකයින් කසළ කළමනාකරණය සම්බන්ධයෙන් දැනුවත්    කිරීම.
  • අවිධිමත්ව කසළ බැහැර කරන පුද්ගලයින්ට එරෙහිව පොලීසිය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමඟ එක්ව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කිරීම.

කසළ එකතු කිරීම හා කළමනාකරණය කර ගැනීම වෙනුවෙන් ගනු ලබන පියවර

  • නගරය පුරා අපිළිවෙලට අපද්‍රව්‍ය බැහැර කිරීම, බුලත් කෙළ ගැසීම සිදු කර ඇති බැවින් කසළ කළමනාකරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ කටයුතු සිදු කිරීම. (අත් පත්‍රිකා බෙදීම, සමාජ ජාලා මඟින්, රැස්වීම් මඟින්)
  • පාරිසරික පොලීසිය සමඟ නඟරය පුරා අක්‍රමවත්ව කසළ බැහැර කරනු ලබන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම.
  • නාගරික ජනතාව හා වෙළඳ ආයතනයන්ගේ දෛනිකව ඉවතලන කසළ අඩු කර ගැනීමට අවශ්‍ය උපදෙස් ඔවුන්ට ලබාදීම.

උදා – ගෙවතු වගාවන් සඳහා ඔවුන් යොමු කිරීම හා දෛනිකව බැහැර වන දිරන කසළ වලින් පොහොර නිපදවා එම පොහොර ගෙවතු වගාවන් සඳහා යෙදවීමට ජනතාව දිරි ගැන්වීම.

  • නගරයේ නිවාස , ව්‍යාපාර ආයතන හා ඉඩම් වල ප්‍රධාන මාර්ගය දෙසට වන්නට මේ වන විට විශාල ලෙස කැලෑ වර්ධනය වී ඇති අතර, එම ස්ථාන පිරිසිදු කර පවත්වාගෙන යන ලෙසට ඔවුන්ට දැන්වීම හා ඒ පිළිබඳව අධීක්ෂණය කිරීම.
  • පාසල් මට්ටමේ හා නාගරික ප්‍රජාව, වෙළඳ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩමුළු පැවැත්වීම.
  • පාසල් හා පෙර පාසල් දරුවන් සඳහා නොදිරන කසළ ලබා දීම වෙනුවෙන් දිරිගැන්වීමේ ත්‍යාග ලබා දීම.
  •  නොදිරන කසළ එකතු කිරීම සඳහා පාසල් වල වෙනම මධ්‍යස්ථානයක් ඇති කිරීම.
  • නිර්මාණාත්මක තරඟ මඟින් දරුවන් කසළ අපහරණයට යොමු කිරීම.
  • පාසල් හා ගෘහ මට්ටමේ කාබනික පොහොර භාවිත ආදර්ශ ගෙවතු හා ජීව කොටු ඇති කිරීම.
  • කසළ වෙන් කර ලබා නොදෙන පිරිස් සදහා කසළ බද්දක් පැනවීම.
  • කසළ විශාල ප්‍රමාණයක් ලබාදෙන ව්‍යාපාර ආයතන වෙත හා ඉවතලන ගොඩනැගිලි ද්‍රව්‍ය ලබාදෙන ආයතන වෙත බදු පැනවීම.
  • දිරන අපද්‍රව්‍ය තුළින් තම ඉඩමේදීම පොහොර නිශ්පාදනයට යොමු කරවීම සහ ඒ සදහා ප්‍රමාණවත් ඉඩම් නොමැති අයට කොම්පෝස්ට් බදුන් ලබා දීම.
  • කසළ එකතු කර රැගෙන යන මාර්ගයන්හි පදිංචි නිවැසියන් කසළ වෙන් කර (දිරන හා නොදිරන)ලබා දිමට හුරු පුරැදු වෙමින් පවතින අතර ඔවුන් තවත් දිරි ගැන්වීම උදෙසා සහ දිරන කසළ දමන බහාලුම් කවර ප්‍රත්‍රිචක්‍රිකරණය(RYCYCLE ) කිරීම අපහසු ‍නිසා දිරන කසල එකතු කිරිම සදහා ප්ලාස්ටික් භාජනයක් නොමිලේ ලබා දීම.(‍මෙහිදී වරිපනම්  ගෙවන පුද්ගලයින් සදහා පමණක් නොමිලේ භාජන ලබා දිම.)
  • වැඩ පරීක්ෂකවරුන්  හා සෞඛ්‍ය කම්කරුවන්ගේ කසළ වෙන් කර ලබා ගැනිම පිළිබද ඇති සෘනාත්මක ආකල්ප නැති කරීම සදහා එක්දින වැඩමුලුවක් පැවැත්වීමට කටයුතු සම්පාදනය කිරීම.
  • ඝණ අපද්‍රව්‍ය කළමණාකරණය පිළිබද ධනාත්මක ආකල්ප සහිත සමාජයක්  බිහිකිරීම උදෙසා පාසල පද්ධතිය තුල‍” 3R- සමාජ වැනි සංවිධාන ගොඩ නැංවිමට කටයුතු කිරීම.ඒ තුළින් සමස්ත බල ප්‍රදේශයම ආවරනය වන පරිදි නොදිරන කසළ එකතු කිරීමට හැකිවන අතර ප්‍රදේශය  තුළ කසළ ජනනය අවම කිරීමෙහි දීර්ඝ කාලීන විසදූමක් වනු ඇත.
  • කසළ ට්‍රැක්ටර් මඟින් දෛනිකව එකතු කිරීමේදී ජනතාව දැනුවත් කිරීම සඳහා සීනු නාද ක්‍රමයක් පවත්වාගෙන යාම.

දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ දීගලවත්ත කසළ කළමනාකරණ ඒකකය.

 

දීගලවත්ත කසළ කලමනාකරණ මධ්‍යස්ථානය වෙත රැගෙන යනු ලබන කසළ මෙම මධ්‍යස්ථානය තුලදි කම්කරුවන් විසින් තවදුරටත් කසල වර්ගීකරණය කර (පොළිතින්.ප්ලාස්ටික්.පෙට්.විදුරු.පී.වී.සී.පොල්කටු ලෙස) වෙන් වෙන්ව ගබඩා කරනු ලබයි.

මෙහි  කොම්පොස්ට් කරනයේ දෛනික ධාරිතාව ටොන් 1 ක් පමණ වේ.

දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ කසල කළමනාකරනය යටතේ එකතු කරනු ලබන නොදිරන  කසළ වලින් කොටසක් ප්‍රතිචක්‍රිකරණය කල හැකි වුවද  අපහරණයට ලක් වු ලන්ච් සීට්. ෂොපින් කවර, පොලිතින්, යෝගට් කප් හා කිරි පැකට් වැනි ද්‍රව්‍ය නැවත ප්‍රතිචක්‍රිකරනය කල නොහැකි අතර තාවකාලික විසදුමක් ලෙස බේල් යන්ත්‍රය මගින් කසල කුට්ටි සකසා හිස් බිම් පිරවීම සඳහා යොමු කෙරේ. 

කසළ කළමනාකරණ ඒකකයේ කාර්යාලය

මධ්‍යස්ථානයේ විසිතුරු මල් හා එළවළු වගා කිරීම මඟින් අලංකාරව පවත්වාගෙන යාම.

කසළ කළමනාකරණ මධ්‍යස්ථානයේ යේවය කරනු ලබන සේවකයින් විසින් අලංකාරය සඳහා විසිතුරු මල් වැවීම හා එළවළු වැවීම නිරන්තරයෙන් සිදු කරන අතර එය මේ වන විට සාර්ථකව සිදු කරගෙන යනු ලබයි.

කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය.

දෛනිකව ට්‍රැක්ටර් රථ මඟින් එකතු කරනු ලබන දිරන කසළ මෙම මධ්‍යස්ථානයේදී කොම්පෝස්ට් පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය මෙම මධ්‍යස්ථානයේදී සිදු කරනු ලබයි.

කසළ කළමනාකරණ මධ්‍යස්ථානය මඟින් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඇති නොදිරන අපද්‍රව්‍ය එකතු කර අලෙවි කිරීම.

 

කසළ කළමනාකරණ මධ්‍යස්ථායට නව ගොඩනැගිල්ලක් ගරු ආණ්ඩුකාරවර ධම්ම දිසානායක මැතිතුමාගේ මූලිකත්වයෙන් ආරම්භ කිරීම.

යටියන්තොට ප්‍රාදේශීය සභාව සමඟ කසළ කළමනාකරණ කටයුතු සම්බන්ධයෙන් අදහස් හා තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීම.

කසළ කළමනාකරණය තුළින් මේ වන විට පළාතේ විශිෂ්ඨ ඇගයුම් ලද කසළ කළමනාකරණ මධ්‍යස්ථානය

පළාත් පාලන ආයතන අතර කාර්යසාධන කළමනාකරණ තරගය – පළාත් පාලන   දෙපාර්තමේන්තුව – සබරගමුව පළාත් සභාව – 2016/2017 

ඝන අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන් අතරින් සබරගමුව පළාතේ දෙවන ස්ථානය

ඝන අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන් අතරින් කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය

 

පළාත් පාලන ආයතන අතර කාර්යසාධන කළමනාකරණ තරගය – පළාත් පාලන   දෙපාර්තමේන්තුව – සබරගමුව පළාත් සභාව – 2017/2018 

 

  • ඝන අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන් අතරින් සබරගමුව පළාතේ හතරවන ස්ථානය
  • ඝන අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන් අතරින් කෑගල්ල දිස්ත්‍රික්කයේ තෙවන ස්ථානය

දෙහිඕවිට ප්‍රදේශීය සභාවේ කසළ කළමනාකරණ ඒකකයේ අනාගත අපේක්ෂාවන්

      • නොදිරන අපද්‍රව්‍ය නිසි පරිදි ප්‍රත්චක්‍රිකරනය කීරීම.
      • බල ප්‍රදේශයේ කසළ එකතු නොකරන ප්‍ර‍දේශවල කසල රුස් කිරීම ආරම්භ කිරීම
      • වාණිජ වටීනාකමක් නොමැති නොදිරන ද්‍රව්‍ය සඳහා තිරසාර විසදුමක් ලබා දීම.
      • පෞද්ගලික අංශයේ සහාය ලබා ගෙන කසළ කලමණාකරණය විදිමත් කිරීම.
      • 2025 වන විට දෙහිඕවිට ප්‍රාදේශිය සභා බල ප්‍ර‍දේශය කසල වලින් තොර පුරවරයක් බවට පත් කිරීම.
      • කසළ වෙන් කර එකතු කිරීම සම්බන්ධව සාමාන්‍ය ජනතාව,වෙළඳ ප්‍රජාව,පාසල් දරු දරු දුරියන් දැනුවත් කර කසල කලමණාකරණය පිළිබඳ දුනුමක් ඇති පිරිසක් බිහි කරීම.
      • අවට පළාත් පාලන ආයතන වල නොදිරන අපද්‍රව්‍ය සඳහා විසදුමක් ලබා දීම.
      • තව දුරටත් ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා දාහකාගාරයක් ඉදි කිරීම.
      • ප්‍රාදේශීය සභාව මගින් වෙන් කරවා ගත් කසළ මිලදි ගැනීමට හා කොම්පොස්ට් පොහොර අලෙවිය  සදහා මධ්‍යස්ථානයක් ඉදිකිරීම. ඒ සදහා ස්ථානය තෝරා ගැනිමේදි නිතර මහජනයාට ඇස ගැටෙන හා ඉතා පහසුවෙන් ලගා විය හැකි ස්ථානයක් තෝරා ගැනීම.
      • දීගලවත්ත කසළ කළමනාකරණ මධ්‍යයස්ථානයෙන් තවදුරටත් ප්‍රතිචක්‍රීකරණය කල නොහැකි ද්‍රව්‍යය(residuales,contaminated things,…etc.) දහනය කිරීමට අවශ්‍යය දාහකාගාරයක් ඉදිකිරීම. 
      • නොදිරන කසළ අවසන් බැහැර කිරීම වෙනුවෙන් සනීපාරක්ෂක බිම් පිරවුමක් ආරම්භ කිරීම.

කසළ කළමනාකරණ කටයුතු වලදී වැදගත්ම හා දුෂ්කරම සේවාව සිදු කරනු ලබන රියදුරු හා සෞඛ්‍ය කම්කරු මහතුන් ඇගයීම.

 

නඩත්තු අංශය

ප්‍රාදේශීය සභාවේ නඩත්තු කටයුතු කිරීමට අවශ්‍ය වන විටදී එම කටයුතු පෞද්ගලික අංශය වෙත ලබා දීමේදී විශාල මුදලක් ඒ සඳහා ගෙවීමට සිදු වේ. එම මුදල් ප්‍රමාණය අඩු කර ගැනීම සඳහා ප්‍රාදේශීය සභාවේම සේවය කරනු ලබන සේවකයින් යොදා ගනිමින් ප්‍රාදේශීය සභාවේ වාහන හා යන්ත්‍රෝපකරණ අළුත්වැඩියාව, කාර්යාල අළුත්වැඩියා කිරීමේ කටයුතු මෙම අංශය මඟින් සිදු කරනු ලබයි. එසේම 2019 වර්ෂයේදී ආරම්භ කරන ලද මෙම අංශය මගින් මේ වන විට ප්‍රාදේශීය සභාවේ නඩත්තු කටයුතු සාර්ථකව සිදු කරගෙන යනු ලබයි.

මෙම අංශය විසින් මේ වන විට සිදු කර ඇති සේවාවන්

  • ප්‍රාදේශීය සභාවේ වාහන හා යන්ත්‍රෝපකරණ අළුත්වැඩියා කිරීම.

අබලන්ව තිබූ කසළ ට්‍රැක්ටර් රථය නඩත්තු අංශය විසින් අළුත්වැඩියා කර ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන් වෙත  බාරදීම.

  • ප්‍රාදේශීය සභාවේ ලේඛනාගාරයේ රාක්ක සකස් කිරීම.
  • මානියංගම ප්‍රදේශයේ පාලමක ආරක්ෂිත වැට ඉදිකිරීම.
  • දෙහිඕවිට නගරයේ ඉදිකරනු ලබන හෙල බොජුන් හලේ ප්‍රදර්ශන පුවරු සකස් කිරීම.
  • දීගලවත්ත කසළ කළමනාකරණ ඒකකයේ නඩත්තු කටයුතු.
  • පනාවල පෙර පාසලේ ගේට්ටු පියන් සකස් කිරීම.
  • ප්‍රාදේශීය සභා කාර්යාල ගොඩනැගිල්ලේ ඇති ඔසු උයන සකස් කිරීම