දෙහිඕවිට ප්‍රාදේශීය සභාව - හැඳින්වීම
ප්‍රාදේශීය සභාව මෙතෙක් ආ මඟ පියසටහන්
පැරණි ගම් උරුමය
අවුරුදු 2500 කට ආසන්න ඉතිහාසයකට උරුමකම් කියන මෙරට පැරණි යුගයේ ගමේ පාලනයේ වගකීම , පොදු සේවා සැපයීම ගම්දෙටුවන් ගෙන්
සමන්විත ගම්බද ආයතනයක් මඟින් ඉටු වීඇත.එම ආයතනය“ පූග,, නම් වු සංස්කෘත අර්ථයෙන් ආ සංස්ථාව නමිනි.මේ සඳහා දොඹගහවෙලින්,රුහුණු
වනෝද්‍යානයට අයත් පෙදෙසකින් ,කුරුණෑගල පොල්පිතිගමින් ,පොලොන්නරුවේ තමන්කඩුවෙන් හා හොරොව්පොතාන යන පෙදෙස් වලින් හමුවු “පූග” ගැන සඳහන් ශිලා ලේඛන මඟින් පෙනී යන්නේ ක්‍රිස්තු පූර්ව යුගවල ගමේ පාලනයm භාරව ක්‍රියා කළ සංස්ථාවක් ලෙස භාවිතා වූ බව ය.පසුව ගමේ සභාව ගම් සභාව ලෙස සකස් වන්නට ඇත්තේ මේ සංස්ථාවම විය හැකි ය.
විජය කුමරු සමඟ පැමිණි ඇමතිවරු ඔවුන්ගේ නමින් ගම් සහ නගර පිහිටු බවට උරුවෙල ග්‍රාමය, උපතිස්ස ග්‍රාමය,අනුරාධ ග්‍රාමය සහ විජිත
නගරය සාක්ෂි සපයයි.පණ්ඩුකාභය රජ දවස (ක්‍රි.පූ.377-307 ) මුළු ලක්දිව ග්‍රාමසීමා ලකුණු කළ බව මහා වංශය සඳහන් කරයි.එහි දී“ ගම්බොජක ,, “
පරුමක,, නම් වූ ගම්දෙටුවන් මඟින් ගමේ ආර්ථිකයේ පදනම ,ආගමික චාරිත්‍ර පවත්වාගෙන යාම,ආරාවුල් නිරාකරණය ,දඩුවම් පැමිණවීම ආදිය කරගෙන ගිය බවත් මෙම ආයතනය ස්වාධීනව පෙර සිරිතට මුල් තැන දෙමින් කටයුතු කර ඇත.පණ්ඩුකාභය රජු ගම් සීමා ලකුණු කිරීමට පෙර අනුරාධපුර විජය රජු දවස සැළසුම් ගත නගරයක් ලෙස කලාප බෙදීම හා සියළු නගරාංගයන් සහිතව ජන ජීවිතයට අවශ්‍ය පහසුකම් ඇති අගනුවරක් බවට පත්ව තිබූ බවත් එය පාලනය කල තැනැත්තා“ නගර ගුත්තික,, නමින් හැදින්වූ බව මහාවංශයේ සදහන් වේ.එමෙන්ම“ නගර වඩ්ඩකී ,, නම් වූ නගර නිර්මාණ ශිල්පී නම් තනතුරක් තිබී ඇත. නගර ගුත්තික වර්තමාන නගරාධිපති වරයෙකුගේ වගකීම් දරන්නට ඇති යැයි සිතිය හැක.
අනුරාධපුර යුගයෙන් පසු ගමේ පාලනයට සම්බන්ධ ආයතනවල ස්වරූපය වෙනස් වුවද ගම්සභා නමින් ම හැදින්වූ පාලනයකට අවනතව පැවත
ඇත.පිළිවෙලින් පෘතුග්‍රීසීන් 1505 .ලන්දේසීන් 1656, ඉංග්‍රීසීන් 1796 දී සහ 1815 දී මුළු මනින්ම ඉංග්‍රීසි පාලනයට නතු වීමෙන් පසු ඔවුන්ගේ පාලනයට සරිලන පරිදි ගම් පාලනයේ වෙනසක් සිදු කෙරිණි.එහිදී ගම් සභා සහ රට සභා ක්‍රියාත්මක කර ඇත.
මෑත ඉතිහාසය දෙස බලන කළ මෙරට පළාත් පාලනයේ වැදගත් මං සලකුණු අතර
. 1871 – ගම් සභා ආරම්භ වීම.
. 1892 – සුළු නගර සභා ආරම්භ වීම
. 1965 – මහ නගර සභා ආරම්භ වීම.
වැදගත් පියවරක් ලෙස සැළකේ. මෙරට පළාත් පාලන ක්ෂේත්‍රයේ පෙරළියක් ඇති කරමින් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ පළාත් පාලන විෂය භාර විධායක කමිටුවේ සභාපතීත්වය 1931 සිටම දැරූ එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මැතිතුමාට පළාත් පාලන ක්‍රමය තුළින් රටේ සංවර්ධනය වේගවත් කිරීමට ඇති ශක්තිය පිළිබඳ ව පැහැදිලි වැටහීමක් තිබුණි. 1948-1980 දක්වා කාල වකවානුව තුළ පළාත් පාලන ආයතන 4 වූ මහ නගර සභා,නගර සභා, සුළු නගර සභා,ගම් සභා වල සංශෝධන මඟින් එම ආයතන වලට වැඩි බලතල පැවරීම,අතිරේක ආදායම් මාර්ග හඳුනා ගැනීම සහ මධ්‍යම පාලනය ලිහිල් කිරීම අපේක්ෂා කරන්නට ඇත. 1952 පළාත් පාලන බලතල පුළුල් පනත වැදගත් වන අතර 1955 පත් කළ චොක්සි කොමිෂම මගින් පළාත් පාලන ආයතනවල ක්‍රියාකාරීත්වය ගැඹුරු විමර්ශණයකට භාජනය විය.1971 අංක 48 පනත මඟින් සභාවල මූල්‍ය කළමණාකරණය ශක්තිමත් කරමින් ආදායම් එකතු කිරීමේ බලතල නිලධාරීන් වෙත පවරන ලදි. 1977 අංක 24 පනතින් ආයතන ප්‍රධානීන්ට වාර්ෂික අයවැය හා පරිපූරක ඇස්තමේන්තු අනුමත කිරීමේ අසීමිත බලතල ලබා දීමෙන් එවැනි අවස්ථාවල සභාවල පැන නගින අර්බුදකාරී මතභේද මැඩ පැවැත්වීම අපේක්ෂා කරන ලදි.
පළාත්පාලන ප්‍රතිසංවිධාන යෝජනා අතර මොරගොඩ කොමිටිය හා තෙන්නකෝන් කොමිෂම වැදගත් වේ.1978 දී ගොගර්ලි මොරගොඩ මහතාගේ
ප්‍රධානත්වයෙන් ගම්සභා 269 ක් පිහිටු අතර තෙන්නකෝන් කොමිෂම මඟින් 1979 දී දිස්ත්‍රීක් සංවර්ධන සභා ක්‍රමයක් සඳහා යොජනා ඉදිරිපත් කරන ලදි. ඒ අනුව සුළු නගර සභා සහ ගම් සභා ක්‍රමය අහෝසි කෙරිණි.මෙලෙස මෙම ආයතන අහෝසි කිරීම පළාත් පාලනයේ පසුබෑමක් සිදු විය.මෙ අනුව සිදු වු ඌනතා,නියෝජිත ක්‍රමයක් නොමැතිවීම වැනි අඩුපාඩු පිරිමසා ලීමට ප්‍රාදේශීය සභා ක්‍රමය 1987 අප්‍රේල් 16 දින සම්මත වූ අංක 15 දරණ පනතින් හදුන්වා දුණි.එහි දී 1988 දී ප්‍රාදේශීය සභා වල අධීක්ෂණ කටයුතු පළාත් සභාවට පැවරිණි.මේ අනුව ප්‍රාදේශිය සභා වලට ඉටුකිරීමට ඇති නීතිමය හා පරිපාලන වගකීම් ඉටු කිරීමට තාක්ෂණික සහාය හා පරිපාලනමය උපදෙස් පිරිනැමීමපළාත් සභාවල පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයාට පැවරී ඇත.ඒ මඟින් ව්‍යවස්ථාදායකය වන පළාත් සභාවට අමාත්‍යවරයා වගකිව යුතු වේ.
දෙහිඕවිට ප්‍රාදේශීය සභාව මෙතෙක් ආ මඟ පියවර සටහන්
කෑගල්ල දිස්ත්‍රීක්කයට අයත් ප්‍රාදේශීය සභා 11 කි. දෙහිඕවිට ප්‍රාදේශීය සභාවඉන් එකක් වන අතර මෙම ප්‍රාදේශීය සභාව මෙතෙක් ආ ගමන් මඟ පහත පරිදි වේ.
1932 අටුළුගම් -පනාවල් දෙකෝරලයේ ගම් සභාව ඇති වීම.
1932 අටුළුගම් -පනාවල් දෙකෝරලයේ ගම් සභාව ඇති වීම.
මෙම මැතිවරණ පැවති අවස්ථාවේ දී පක්ෂ ක්‍රමය පැවති නමුත් දීර්ඝ කාලයක් හිටපු සභාපති පී.උඩබාගේ විරෝධී පිල වශයෙන් වර්ධනය වීම නිසා පක්ෂ ක්‍රමය යටපත් විය.උඩබාගේ විරෝධී පිල ජයගෙන ජිනී ද තාබ්‍රෙව් මහතා සභාපති විය.
එදා සිට මේ දක්වා සභාපතිවරු සහ විශේෂ කොමසාරිස්වරු
දෙහිඕවිට ප්‍රාදේශීය සභාව සංස්ථාපනය වූ පසු පත් වූ සභාපතිවරුන්
පාරිසරික පිහිටීම. පිහිටීම – උතුරින් රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හා යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ද , දකුණින් රත්නපුර දිස්ත්‍රීක්කය ද , බටහිරින් බස්නාහිර පළාත් මායිම හා සබරගමුව පළාත් මායිම ද , නැගෙනහිරින් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ද මායිම් ව දෙහිඕවිට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය පිහිටා තිබේ.
විශාලත්වය සබරගමුව පළාතට අයත් දිස්ත්‍රීක්ක දෙකින් කෑගල්ල දිස්ත්‍රීක්කයට අයත් දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ අතර විශාලත්වයෙන් හතර වන ස්ථානය ගන්නා අතර එහි මුළු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 18608.09 ක් වේ.ග්‍රාම නිලධාරී වසම් 39 ක් මෙම කොට්ඨාශයට අයත් වේ. භූ විෂමතාවය දෙහිඕවිට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට මහ ඔය හා අම්බලම්පිටිය ඔය අතර සීමාව වේ.මෙහි ගිණිකොන දිග ප්‍රදේශය කදුකර ප්‍රදේශයක් වශයෙන් ද හඳුනාගත හැකිය.භූ විෂමතාවය සහ උන්නතාංශය අනුව කොට්ඨාශයේ තැනිතලා ,රැළි බිම් හා කඳුකර ප්‍රදේශ වශයෙන් ප්‍රධාන කලාප තුනක් ඇත. අඩි 500 ට වඩා අඩු තැනිතලා ප්‍රදේශ උතුරු අර්ධයේ පිහිටා ඇති අතර දයිගල, කුරුපැත්ත, නාපාවල, කැළෑගම, ඇපලපිටිය, ඉහළ තල්දූව, පහළ තල්දූව, වෙලංගල්ල, බටංගල, කනංගම, එළුවාන සහ අටුළුගම යන ග්‍රාම නිලධාරී වසම් එයට අයත් වේ. කොට්ඨාශයේ අඩුම උස වන්නේ කැළණි ගඟ ආශ්‍රිතව ඇති අඩි 40 ක පමණ වූ ඇපලපිටිය යි.රැළි බිම් ප්‍රදේශය කොට්ඨාශයේ තැනිතලා හා කඳුකර ප්‍රදේශ අතර තැනින් තැන ව්‍යාප්තව පවතී. කඳුකර ප්‍රදේශය වශයෙන් හඳුනාගත හැක්කේ මහ ඔය හා අම්බලම්පිටිය ඔය අතර සීමාව වේ.මෙම කලාපයට අම්බලම්පිටිය , හිඟුරලකන්ද නැගෙනහිර ,හිඟුරලකන්ද බටහිර ,පන්නිල සහ එලවුල්ල යන ග්‍රාම නිලධාරී කොට්ඨාශ අයත් වේ.මෙම කොට්ඨාශයේ ඉඹුල්පිටිය ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ මුරේකන්ද ගම ආශ්‍රිතව අඩි 1500 ක් වූ ස්ථානය උසම ස්ථානය ලෙස දැක්විය හැක. කොට්ඨාශයේ ජලවහන රටාව දෙස බැලීමේදී කුඩා ඔය ,සීතාවක ඔය දකුණු දෙසින් නැගෙනහිර දෙසට ගලා බසින අතර බස්නාහිරින් උතුරු දෙසට කැළණි ගඟේ අතු ගංඟාවක් වන ගැටහැති ඔය ගලා බසියි.උතුරු කොටසේ ඇති කැළණි ගඟේ අතු පද්ධතිය ජාලාකාර ජලවහන රටාවක් සහිත නිසා ගංඟා ආශ්‍රිතව ගංවතුර තර්ජන වර්ෂා කාලවලදී ඇතිවන බව දක්නට ලැබේ. වර්ෂාපතන රටාව දෙහිඕවිට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය වර්ෂාපතනය වැඩි අගයක් පෙන්නුම් කරන කොට්ඨාශයකි. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මි.මී.3500-5000 කි.මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක 24 කි. වර්ෂාපතන කලාප 03 ක් හදුනාගත හැකිය .එනම් , මි.මී. 3500 – 4000 මි.මී. 4000 – 4500 මි.මී. 4500 – 5000 වශයෙනි.
තෙත් කලාපයට අයත් වන මෙම කොට්ඨාශයේ වැඩි වශයෙන් වර්ෂාව ලැබෙන්නේ නිරිත දිග මෝසම් කාලයට ය. එය මැයි මාසයේ සක්‍රිය වන අතර ගං වතුර තත්වයක් දක්වා වර්ධනය වේ.
ජන වාර්ගික විවිධත්වය. දෙහිඕවිට බල ප්‍රදේශය තුළ ජීවත්වන ප්‍රජාව අතර සිංහල, ඉන්දියානු දෙමළ, ලාංකික දමිළ, මරක්කල,බර්ගර්,යුරේසියානු සම්භවයෙන් පැවත එන්නන් යන ජන කොට්ඨාශ වාසය කරන අතර ඔවුන්ට ආවේනික වූ ආගමික ඇදහිලි අනුගමනය කරනු ලබයි.ප්‍රධාන ලෙස බෞද්ධාගමික,රෝමානු කතෝලික,ක්‍රිස්තියානි ,හින්දු ,ඉස්ලාම් සහ අනෙකුත් ආගමික ජනයා ද සහයෝගයෙන් වෙසෙති.
සමාජ, ආර්ථික පසුබිම. බල ප්‍රදේශයේ වසම් 39 හි වෙසෙන ජනයා අතර විවිධ සමාජ මට්ටම් නියෝජනය කරන්නවුන් ජීවත් වන අතර ඔවුන් ගේ ප්‍රධාන ජීවනෝපාය කෘෂි කර්මය වන අතර සෙසු ජීවනෝපාය මාර්ගයන් ලෙස සත්ව පාලනය,වෙළදාම,ඇතුළුවිවිධ කර්මාන්ත දක්නට ලැබේ.සුළු වශයෙන් මැණික් සම්බන්ධ ව්‍යාපාර ද දක්නට ලැබේ.ප්‍රධාන ආර්ථික බෝග තේ සහ රබර් වේ.ඊට අමතරව පොල්,වී ,සුළු අපනයන බෝග වගාව දක්නට ලැබේ.ස්වාභාවික හා රක්ෂිත වනාන්තර වශයෙන් නියෝජනය වන ප්‍රමාණය අක්කර 1525 කි.
ප්‍රදේශයේ දළ විශ්ලේෂණය තෙත් කලාපයට අයත් වන මෙම කොට්ඨාශයට වැඩි වශයෙන් වර්ෂාව ලැබෙන්නේ මැයි මාසයෙන් ආරම්භ වන නිරිත දිග මෝසමෙනි.මෝසම් වර්ෂාවෙන් ස්වයංපෝෂිත වන මෙම කොට්ඨාශයට මායිම්ව හා මධ්‍යයෙන් ගලා බස්නා ප්‍රධාන ගංඟාවන් සහ අතු ගංඟාවන්ගෙන් ද පෝෂිත වේ.ඒවා කැලණි ගඟ සහ සීතාවක වන අතර රිටිගහ ඇල ,ගැටහැති ඇල හා දූලි ගඟ අතු ගංඟා වේ. ආර්ථික රටාව පසෙහි සංයුතිය අනුව රෙගෝ පස ,අලුවිෂල් පස,හා රතු කහ පොඩි සොලික් යන වර්ගවලට අයත්වේ.මෙම ප්‍රදේශ වැවිලි ආර්ථිකය දක්වා රැගෙන යන්නට මෙම පසෙහි සංයුතියද හේතු වන්නට ඇත.එමෙන්ම ගල් ශිඛරයන්ගෙන්ද සමන්විත දෙහිඕවිට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය මිශ්‍ර ආර්ථික රටාවක් පෙන්නුම් කරයි.වැවිලි බෝග අතර තේ ,රබර් ,පොල් , වී සහ සුළු අපනයන බෝග වේ.වෙළදාම ,සත්ව පාලනය සහ සුළු කර්මාන්ත වැනි වූ ස්වයං රැකියාවන් ජීවනෝපායන් ලෙස දැක්විය හැකිය. අධ්‍යපනය දෙහිඕවිට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් පාසල් 62 ක් ඇති අතර එක් ජාතික පාසලක් අයත් වේ.එම පාසල්වල ළමුන් 13002 ක් ඉගෙනුම ලබන අතර ගුරුවරු 901 ක් දරුවන්ගේ නැණස පෑදීමට දායක වේ.අනධ්‍යන කාර්ය්‍ය මණ්ඩලය වශයෙන් 114 ක් සිටින අතර බොහෝ සංවර්ධනය විය යුතු පාසල් බල ප්‍රදේශය තුල දක්නට ලැබෙයි. සංචාරක කර්මාන්තය දෙහිඕවිට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල සංචාරක ආකර්ෂණීය හෝටල් සහ නිවාඩු නිකේතන පිහිටා ඇති අතර විශේෂයෙන් සංචාරක කර්මාන්තය හා වැදගත්වන පුරා විද්‍යා ස්ථාන බොහොමයක් පිහිටා ඇත.සීතාවක රජ මාළිගය,තල්දූවබැරැණ්ඩි කෝවිල ,ඇපලපිටිය රාජසිංහ සොහොන ,මානියංගම රජමහා විහාරය ,තිඹිරිපොල රම්පතගල හා පා සළකුණු ,තිඹිරිපොල රජ ලෙන,සීතාවක කණාමැදිරියන්වල ,ගුරුගල්ල ගොලෑබොක්ක ප්‍රදේශය ,කුරුපැත්ත හකුරුගල රජ මහා විහාරය,උඩුවිල කඹුරාපොල ගනේවත්ත ලෙන් විහාරය ,මානියංගම යකහටුවා කන්ද සහ කොබෝතුරා ගල වැනි ඓතිහාසික ස්ථාන දැක්විය හැකිය. සංවර්ධනය සහ අවධානය යොමු කල යුතු ක්ෂේත්‍ර දෙහිඕවිට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල සංවර්ධන ප්‍රමුඛතා ගත කරණයේදී හදුනාගත් ක්ෂේත්‍ර වශයෙන් පොදු පරිපාලනය ,සෞඛ්‍ය හා සනීපාරක්ෂාව , භෞතික පහසුකම් , ප්‍රජා සේවා ,ඝන අපද්‍රව්‍ය කළමණාකරණය ,විදුලිය හා උපයෝගීතා සේවා ,ආර්ථික සංවර්ධනය හා ආයෝජන වෙත අවධානය යොමු කර ඇත. ප්‍රාදේශීය සභාව විසින් සපයනු ලබන සේවා
වරිපනම් බදු අය කිරීම. කර්මාන්ත බදු හා ව්‍යාපාර බදු අයකිරීම. වෙළඳ බලපත්‍ර නිකුත් කිරීම. ප්‍රචාරක දැන්වීම් පුවරු අධීක්ණය හා විධිමත් කිරීම. වාහන නැවතුම්පලවල් පවත්වාගෙන යාම. සභාව සතු දේපල කුළියට දීම. පාපැදි බලපත්‍ර නිකුත් කිරීම. යන්ත්‍රෝපකරණ කුළියට දීම.
අනවසර ඉදිකිරීම් පාලනය. ඉඩම් කට්ටි කිරීම සඳහා අනුමැතිය ලබා දීම. වීථි රේඛා හා නොපරවාගැනීමේ සහතික නිකුත් කිරීම. පිඹුරු සැළසුම් අනුමත කිරීම. ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ සියළු ඉදිකිරීම් සඳහා අනුමැතිය ලබා දීම.
මාර්ග සංවර්ධනය හා නඩත්තුව. වීථි හා කාණු නඩත්තුව මාර්ග කළමනාකරණ කටයුතු.
ජලාපවාහනය. වැසිකිළි පිළිබඳ කටයුතු. අපද්‍රව්‍ය කළමනාකරණය. සනීපාරක්ෂාවට අහිතකර ගොඩනැගිලි ගැන ක්‍රියා කිරීම. සෞඛ්‍යයට අහිතකර ක්‍රියාකාරකම් පාලනය කිරීම. රෝග නිවාරණ කටයුතු. සෞඛ්‍ය අධ්‍යාපනය. ළමා හා මාතෘ සුභසාධක කටයුතු. ආයුර්වේද බෙහෙත් ශාලා.
පරිසර දූෂණය ඇති කරන ක්‍රියාකාරකම් පාලනය කිරීම. ස්භාවික පරිසර පද්ධති ආරක්ෂා කිරීම. නිර්මිත පරිසරය ආරක්ෂා කිරීම. පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම.
පොදු වෙළදපොලවල් හා සති පොළවල් පවත්වාගෙන යාම. වීථි ආලෝකකරණය. සුසාන භූමි නඩත්තුව හා ආදාහනාගාරය පවත්වාගෙන යාම.
පුස්තකාල සේවා ආගමික හා සංස්කෘතික කටයුතු තරුණ, කාන්තා හා ළමා කටයුතු පෙර පාසල් හා නොවිධිමත් අධ්‍යාපනය සමාජ සේවා කටයුතු පුස්තකාල හා පෙරපාසල් පවත්වාගෙන යාම |