සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය වර්ග කිලෝමීටර් 220.6 ක භූමි ප්‍රමාණයකින් හා ග්‍රාම සේවා නිළධාරී වසම් 39 කින් යුතු බල ප්‍රදේශයකි. මෙහි 85132 ක පමණ ජනග්‍රහණයක් ජීවත් වන අතර මහජන නියෝජිතයින් 34 විසින් එහි නියෝජනය සිදු කරනු ලබයි. මනරම් කදුශිකර හා දියඇලිවලින් සුසැදි මනස්කාන්ත පරිසරය මෙන්ම ජෛව විවිධත්වයෙන් අනූන පාරිසරික පද්ධතියක් ද ප්‍රදේශයට වටිනාකමක් එක් කොට ඇත. එසේම පෞරාණික වටිනාකමින් යුක්ත වූ සීතාවක රාජධානියේ ඵෙතිහාසික නටබුන් මෙම ප්‍රදේශයට වටිනාකමක් එක් කොට ඇත. තේ, පොල්, රබර් හා සුළු අපනයන භෝග ආශ්‍රිත කෘෂිකාර්මික කටයුතු මෙම ප්‍රදේශයේ ප්‍රධාන ජීවනෝපයාන් වේ.

දැක්ම

තිරසර සංවර්ධනයෙන් පුබුදමු ගම් දනව්

මෙහෙවර

පවත්නා සම්පත් කාර්යක්ෂමව හා සඵලමත්ව යොදවමින් ප්‍රාදේශීය සභා බල ප්‍ර‍දේශය තුල මහජන සෞඛ්‍ය,පොදු උපයෝගිතා, පොදු මංමාවත් ඇතුලු පහසුකම් ජනතාවගේ සුඛ විහරණය,පහසුව සහ සුභසාධනය සම්පාදනය හා කිරීම තුලින් සුවදායි පරිසරයක් සහිත පරිසර සංවර්ධිත ප්‍රදේශයක් බවට පත් කිරිම.

පළාත් පාලන විශිෂ්ටයන්ගේ ස්වර්ණමය අභිෂේකය
“රන් අස්වනු 2022” සම්මාන උළෙල
2022 වසරේ සබරගමුව පළාතේ නැගී එන පළාත් පාලන ආයතනය
පළාත් පාලන විශිෂ්ටයන්ගේ ස්වර්ණමය අභිෂේකය
“රන් අස්වනු 2022” සම්මාන උළෙල
2022 වසරේ සබරගමුව පළාතේ හොදම ඝණ අපද්රව්ය කලමනාකරණ වැඩසටහන – පළමු වන ස්ථානය

ශ්රී ලංකා වරලත් ගණකාධිවරුන්ගේ සංගමය හා ශ්රී ලංකා රාජ්ය මූල්ය සංගමය මඟින් පවත්වනු ලබන 2022 වසරේ හොඳම වාර්ෂික වාර්තාව තේරීමෙ තරඟාවලියේදී රාජ්ය අංශයේ කුසලතා සම්මානයෙන් දෙහිඔිවිට ප්රාදේශීය සභාව පිදුම් ලැබූ වගයි.

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් පවත්වනු ලැබූ 2020 ජාතික ඵලදායිතා සම්මාන තරගාවලියේ රාජ්‍ය අංශයේ තෙවන ස්ථානයෙන් දෙහිඕවිට ප්‍රාදේශීය සභාව පිදුම් ලැබු වගයි.

 
 

ද‍ීගලවත්ත කසළ කළමනාකරණ මධ්‍යස්ථානය ආරම්භ කර  වසර 08 ක් සම්පූර්ණ වීම නිමිති කරගෙන ඝන අපද්‍රව්‍ය වයාපෘතියේ සේවය කරනු ලබන සියළුම සේවක මහත්ම මහත්මීන් ඇගයීමක් 2024.10.23 දින දිගලවත්ත කසළ කළමනාකරණ මධ්යස්ථානයේදී සිදු කරන ලදී.

කසළ කළමනාරණයේදී අවසන් බැහැරලීමට ඉතිරි වන නොදිරන කසල පුත්තලම INSEE ආයතනය විසින් නොමිලේ ප්රවාහනය කරවාගෙන ඔවුන්ගේ සහසැකසුම් ක්රියාවලියට යොමු කර ආරක්ෂිතව දහනය කිරීම සඳහා බේල් කුට්ටි ලෙස සකස් කරන ලද නොදිරන කසළ INSEE ආයතනය විසින් ප්රවාහනය කර ගැනීම.

“ශ්රම අභිමන් – 2023”

ප්රාදේශීය සභාවට පැවරුණු කාර්ය, කර්තව්ය කාර්යක්ෂමව හා අනලස්ව ඉටුකිරීම වෙනුවෙන් ප්රාදේශීය සභාවේ සේවක මණ්ඩලයේ නිලධාරී මහත්ම/ මහත්මීනට උපහාර දැක්වීම

සංචාරක ස්ථාන

මනරම් කදුශිකර හා දියඇලිවලින් සුසැදි මනස්කාන්ත පරිසරය මෙන් ම ජෛව විවිධයත්වයෙන් අනූන වූ පාරිසරික පද්ධතිය ද ප්‍රදේශයට සෞන්දර්යාත්මක වටිනාකමක් එක් කොට ඇත මෙම සුන්දර ප්‍රදේශයේ  නැරඹිය හැකි ස්ථාන 

අප ආයතනය පිලිබඳ

සබරගමුව පළාතට අයත් දිස්ත්‍රීක්ක දෙකින් කෑගල්ල දිස්ත්‍රීක්කයට අයත් දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ
අතර විශාලත්වයෙන් හතර වන ස්ථානය ගන්නා අතර එහි මුළු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 18608.09 ක් වේ.ග්‍රාම නිලධාරී වසම් 39 ක් මෙම කොට්ඨාශයට අයත්වේ.

ලේකම්තුමියගේ පණිවිඩය

තොරතුරු තාක්ෂණය භාවිතයෙන් සේවාවන්වල විනිවිදභාවය හා තොරතුරු දැනගැනීමේ අයිතිය සේවාලාභීන් වෙත ලබා දෙමින් ප්‍රදේශය විධිමත් සංවර්ධනය කරා යොමු කිරීම මෙම සභාවේ අරමුණ වේ. තාක්ෂණික මෙවලම් භාවිතයෙන් ඉදිරියට යන ලෝකයේ තොරතුරු තාක්ෂණය භාවිතයෙන් ඔබගේ එදිනෙදා සේවා අවශ්‍යතා කඩිනමින් හා විනිවිදභාවයෙන් යුතුව කාර්යක්ෂමව ඉටු කර ගැනීමට අප සමඟ එක් වන ලෙසට ඇරයුම් කරමි

ඩබ්.ඩී.එස්.පී.වල්පොල, ලේකම්.

දෙහිඕවිට

දෙහිඕවිට , ශ්‍රී ලංකා
0362 222 575
dehiowitaps@yahoo.com