දෙහිඕවිට මහජන පුස්තකාලය

දැක්ම

දැනුමෙන් පිරිපුන් යහගුණයෙන් පිරි සමාජයක්

මෙහෙවර

උපරිම භාවිතය තුළින් දැනුම කුසලතා ආකල්පවලින් පිරිපුන් යහගුණැති සමාජයක් බිහිකිරීම

image6

හැඳින්වීම

දෙහිඕවිට ප්‍රදේශීය සභාවට අයත් ප්‍රධාන පුස්තකාලය වන මෙම පුස්තකාලය ගම් සභා ක්‍රමය යටතේ 1979 වර්ෂයේදී ආරම්භ කරන ලදී. 1979/03/01 දින සිට තුන්වන ශ්‍රේණියේ මහජන පුස්තකාලයක් ලෙස ශ්‍රේණිගතකර ඇත.

දෙහිඕවිට ප්‍රාදේශයේ ජනතාව වෙත උසස් සේවාවක් සැපයීම වෙනුවෙන් දෙහිඕවිට මහජන පුස්තකාලය දෙහිඕවිට ප්‍රාදේශීය සභාවට අයත් පුස්තකාල 05 අතරින් ප්‍රධාන පුස්තකාලය වේ. මෙහි දැනට 3671 පමන සාමාජික පිරිසක් සිටින අතර විවිධ විෂය ක්ෂේත්‍රයන්ට අයත් 7668 ක පමණ පොත් ප්‍රමාණයක් පවතී. පුස්තකාල උපදේශන කාරක සභාව විසින් නිර්දේශ ලබා ගනිමින් දෙහිඕට ප්‍රාදේශීය සභාව මඟින් සභා අරමුදල යොදවමින් නොමිලේ ප්‍රදේශයේ ජනතාව වෙත පුස්තකාල පහසුකම් සැපයීඹ සිදු කරනු ලබයි. දෛනිකව පුස්තකාලය භාවිතා කිරීම සඳහා පැමිණෙන පාඨකයින්ගේ පහසුව හා ඔවුන් වෙත උසස් සේවාවක් සැපයීමේ අරමුණින් පහත සඳහන් පහසුකම් පුස්තකාලය තුළ සපයා ඇත.

I. ඩිව් දශම වර්ගීකරණයට අනුව පොත් වර්ග කර තිබීම.
II. පොත් විෂයන් අනුව හඳුනා ගැනීමේ පහසුව සඳහා වර්ණ යොදමින්
වර්ගීකරණය කර තිබීම.
III. කියවීමේ පහසුකම්.
IV. පාඨක යෝජනා හා චෝදනා වෙනුවෙන් අවස්ථාව වෙන් කර තිබීම.
V. වාර්ෂිකව පොත් සංඛ්‍යාව වර්ධනය කිරීම.

පුස්තකාලයේ අංශ

  • බැහැර දෙන අංශය
  • විමර්ශන අංශය
  • ළමා අංශය
  • සඟරා අංශය
  • පුවත්පත් අංශය
  • පොත්බැඳුම්කරණ අංශය
  • පරිගණක අංශය
  • ගබඩා අංශය

විවෘතව තබන වේලාව

සතියේ සෑම දිනකම පෙ.ව. 8.00 සිට ප.ව.4.45 දක්වා

සාමාජික ලියාපදිංචිය

 සාමාජික අයදුම්පත්‍ර ගාස්තු – රු.5.00
 සාමාජිකත්ව ගාස්තු (වැඩිහිටියන්) – රු.100.00
 සාමාජිකත්ව ගාස්තු (ළමුන්) – රු.50.00
 සාමාජිකත්වය අළුත් කිරීමේ ගාස්තු (අවුරුදු 2 ක් සඳහා) – රු.50.00

කාර්යය මණ්ඩලය

unnamed (5)

ඩී.පී.තිසරි පවිත්‍ර විමලසේන,
පුස්තකාලාධිපති,
දෙහිඕවිට මහජන පුස්තකාලය.
දු.අ. – 071-9754872

කේ.කේ.පී.ප්‍රනාන්දු,
පුස්තකාල සහයිකා,
දෙහිඕවිට මහජන පුස්තකාලය.
දු.අ. – 077-9947

ඉඹුල්පිටිය මහජන පුස්තකාලය විසින් සිදු කරන ලද වැඩසටහන්

පුස්තකාලයේ පාඨක සංඛ්‍යාව වර්ධනය කර ගැනීම උදෙසා පාඨක සමාජයේ සහයෝගය මත පුස්තකාලය ක්‍රමවත්ව අලංකාරව පවත්වා
ගෙන යෑමේ වැඩසටහන. – ජනවාරි මාසය පුස්තකාලය වෙත පැමිණෙන පාඨකයින්ට ප්‍රියමනාප වන සේ පුස්තකාලයේ පසුබිම නිර්මාණය කිරීම අරමුණු කර ගෙන අප පුස්තකාලයේ පාඨක සමාජය සමඟ එක්වී පුස්තකාලය අලංකාර කිරීමේ වැඩසටහනක් ජනවාරි මාසයේ දී වැඩසටහන ලෙස පවත්වන ලදි.

පාඨකයෙකුගෙන්ම උපන්දිනයට පොත් පරිත්‍යාගයක් ලබා ගැනීමේ වැඩසටහන. – පෙබරවාරි මාසය
තමාගේ උපන්දිනයට පුස්තකාලය වෙත පොත් පරිත්‍යාග කරන ලෙස දෛනිකව පුස්තකාලය භාවිතා කරනු ලබන පාඨකයින් වෙත දැනුවත් කර එමඟින් පුස්තකාලයේ පවතින පොත් සංඛ්‍යාව වර්ධනය කර ගැනීම අරමුණ වේ.

පාඨයන් උදෙසා පැවැත්වූ අත්කම් නිර්මාණ වැඩමුළුව. – මාර්තු මාසය 

පුස්තකාල පාඨක සමාජය සමඟ එක්ව මාර්තු මස වැඩසටහන ලෙස මාර්තු 8 වන දින කාන්තා දිනයට සමගාමීව අත්කම් නිර්මාණ වැඩමුළුවක් සිදු කරන ලදි. මෙහිදී අත්කම් නිර්මාණය කිරීමේ හසල දැනුමක් ඇති නලංති මහත්මියගේ සම්පත් දැයකත්වය ලබා ගනිමින් පාඨකයන් හට විවිධ දෑ පාටකඩදාසිවලින් නිර්මාණය කරන ආකාරය ප්‍රායෝගික ක්‍රියාකාරකම් මඟින් දැනුවත් කරන ලදී. මෙමඟින් පාඨකයින් වෙත අත්කම් නිර්මාණය කිරීම පිළිබඳ විශාල දැනුම් සම්භාරයක් ලබා ගැනීමේ අවස්ථාව හිමිවිය.

පාඨකයන් උදෙසා පැවැත්වූ කේක් සෑදීමේ වැඩමුළුව. – අප්‍රේල් මාසය

2019 වර්ෂයේ අප්‍රේල් මාසයේ වැඩසටහන ලෙස සිංහල අළුත් අවුරුද්ද මුල් කර ගෙන ගෘහණියන්ට නිවසේදීම කේක් සාදා ගැනීමේ අවස්ථාව ලබාදීමට කේක් එකක් සාදා ගැනීමේ සිට කේක් එකක් අයිසින් කිරීම දක්වා වැඩමුළුවක් 2019/04/08 වන දින පවත්වන ලදි.