දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ ආදායම් අංශය
ආදායම් අංශය විසින් ලබාදෙනු ලබන සේවාවන්
වරිපනම් බදු අය කිරීම.
නව වරිපනම් අංකයක් ලබාගැනීම හා වරිපනම් දේපල නම සංශෝධනය කිරීම.
අක්කර බදු අය කිරීම.
සභාව සතු කඩ කාමර වලින් කඩ කුලී අය කිරීම.
වෙළද බලපත්‍ර නිකුත් කිරීම.
කර්මාන්ත බදු හා ව්‍යාපාර බදු අය කිරීම.
ප්රචාරක දැන්වීම් පුවරු ප්‍රදර්නය සඳහා ගාස්තු අය කිරීම.
සතිපොල පවත්වාගෙන යාම.
රථවාහන නැවතුම්පලවල් සඳහා ගාස්තු අය කිරීම.
ශ්‍රවනාගාරය කුළියට ලබා දීම.
සභාව සතු ක්‍රීඩා පිටි හා විවෘත ස්ථාන කුළියට දීම.
පාපැදි බලපත්‍ර නිකුත් කිරීම.
වරිපනම් බදු
පළාත් පාලන ආයතන බල ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගේ සෞඛ්‍ය හා සනීපාරක්ෂාව, පහසුව,
සුභ සාධනය සැළසීම වෙනුවෙන් තක්සේරු දෙපාරතුමේන්තුව විසින් සිදු කරනු ලබන තක්සේරුවට අනුව ලබා ගන්නා තක්සේරු වටිනාකම් එකතුවෙහි අනුපාතයක් වශයෙන් එක් එක් දේපල මත පනවා අය කරනු ලබන බද්ද වේ. වාර්ෂික වරිපනම් බදු මුදල අදාළ වර්ෂයේ ජනවාරි 31 වන දිනට හෝ එදිනට පෙර ගෙවනු ලැබුවහොත් එම බදු මුදලින් 10% ක් වූ වට්ටමක්ද, කාර්තු වශයෙන් බදු මුදල් ගෙවන්නේ නම් අදාළ කාර්තුවේ පළමු මාසය තුළ ගෙවන විට 5% ක වට්ටමක්ද පිරිනැමේ. නව වරිපනම් අංකයක් ලබාගැනීම හා වරිපනම් දේපල නම සංශෝධනය කිරීම.
සේවාලාභියා විසින් ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන –
සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය ඔප්පුවේ පිටපත
පිඹුරු සැළැස්මේ පිටපතක්
පත්තිරු
හිමිකම් සහතිකය
පෙළපත් සටහන
අදාළ ගාස්තු –
• අයදුම්පත්‍ර ගාස්තු – 250.00
සේවාවට අදාළ ප්‍රධාන වැඩ පියවර –
• ගාස්තු ගෙවා අයදුම්පත්‍රය ලබා ගැනීම
• අදාළ ලිපි ලේඛන සමඟ අයදුම්පත්‍රය සම්පූර්ණ කර භාර දීම.
• ආදායම් පරීක්ෂක නිර්දේශ ලබා ගැනීම.
• තක්සේරු දෙපාර්තුමේන්තුව වෙත යොමු කිරීම.
• තක්සේරු දෙපාර්තුමේන්තුවෙන් අනුමැතිය ලබා දුන් පසුව නව වරිපනම් අංකයක්
ලබාගැනීම හා වරිපනම් දේපල නම සංශෝධනය කිරීම.
වරිපනම් නොගෙවීම නිසා සිදුවන අහිතකර බලපෑම් –
ජනතාවට අවශ්‍ය සේවාවන් සැපයීමට නොහැකි වීම.
වරිපනම් නොගෙවන අයගේ චංචල හා නිශ්චල දේපල තහනමට ගැනීමට සිදු වීම.
ඒ තුළින් නාගරික බල ප්‍රදේශය තුළ ජීවත් වන අයහපත් බදු නොගෙවන පුද්ගලයෙකු ලෙස
අපකීර්තියට පත් වීම.
ආදායම් එකතු කිරීමේ ජංගම සේවා පැවැත්වීම
අක්කර බදු අය කිරීම.
ඉඩමේ හෙක්ටයාර් 1 සිට 5 දක්වා වර්ෂයට රු.50.00 බැගින් ද, වැඩිවන සෑම හෙක්ටයාර් එකකටම රු. 10.00 බැගින් ද වන වාර්ෂික අක්කර බද්දක් අය කිරිම සිදු කරනු ලබයි. වාර්ෂික අක්කර බද්ද අදාළ වර්ෂයෙහි ජනවාරි මස 31 වන දින හෝ ඊට ප්‍රථම ගෙවන්නේ නම් වාර්ෂික අක්කර බද්දේ ප්රමාණයෙන්සි යයට දහයක (10%) වට්ටමක් ලබා දීම සිදු වේ. අක්කර බදු එකතු කිරීමේ ජංගම වැඩසටහන්
කඩ කාමර
දෙහිඕවිට ප්‍රාදේශීය සභාවට අයත් කඩ කාමර සඳහා තක්සේරු දෙපාර්තුමේන්තුව විසින් සිදු කරනු ලබන තක්සේරුවට අනුව මාසික ගාස්තු අයකරනු ලැබේ. අදාළ මාසය තුළ හෝ ඊට පෙර එම බදු මුදල් නොගෙවන්නේ නම් 10% ක දඩ මුදලකට යටත් වේ.
මස් හා මාළු කඩ ආදායම
ප්‍රාදේශීය සභාව සතු සියළු මස් හා මාළු කඩ වාර්ෂිකව ටෙන්ඩර් කිරීම මඟින් වැඩිම වටිනාකමට ලබාදේ.
ව්‍යාපාරයන්ගෙන් අයකරනු ලබන ගාස්තු හා බදු
ව්‍යාපාරයක් යනු, කිසියම් ලාභයක් ඉපයීමේ අරමුණෙන් පවත්වාගෙන යනු ලබන භාණ්ඩ හෝ සේවා හුවමාරු ක්‍රියාවලියක් ව්‍යාපාර වන අතර, පළාත් පාලන ආයතන විසින් තම බල සීමාව ඇතුළත පවත්වාගෙන යනු ලබන ව්‍යාපාර පිළිබඳ සමීක්ෂණයකින් පසු එම ව්‍යාපාර ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදනු ලැබේ.
1. වෙළඳ බලපත්‍ර ගාස්තුවකට යටත් කරනු ලබන ව්‍යාපාර
2. කර්මාන්ත බද්දකට යටත්කරනු ලබන ව්‍යාපාර
3. ව්‍යාපාර බද්දට යටත්කරනු ලබන ව්‍යාපාර
වෙළඳ බලපත්‍ර ගාස්තු අයකරනු ලබන ව්‍යාපාර
දෙහිඕවිට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරයන් අතරින් 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත හෝ ඒ යටතේ පනවා ඇති අතුරු ව්‍යවස්ථාවන්ට අනුකූලව කිසියම් ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අදාළ වර්ෂයට වෙළඳ බලපත්‍රයක් ලබා ගත යුතු වූ විට ඒ සඳහා ලබාගත යුතු බලපත්‍රය වෙළඳ බලපත්‍රය වේ. ඒ සඳහා ගෙවිය යුතු ගාස්තුව වෙළඳ බලපත්‍ර ගාස්තුව වේ.
වෙළඳ බලපත්‍රයක් ලබා ගැනීමෙන් ව්‍යාපාරිකයින්ට ලැබෙන වාසි,
ගුණාත්මක හා සෞඛ්‍ය ආරක්ෂිත බවින් යුතු සේවාවක් පොදු ජනතාවට සපයනු ලබන බවට
පිළිගැනීම ඇති වීම.
ව්‍යාපාරය නීත්‍යානුකූලව පවත්වාගෙන යාමට හැකි වීම.
වෙළද බලපත්‍ර ලබාදෙනු ලබන ව්‍යාපාර ජනතාවට හිතකර ලෙස පවත්වාගෙන යාම
අධීක්ෂණය හා කළමනාකරණය කිරීමට හැකි වීම.
දෙහිඕවිට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ඇතුළත යම් ස්ථානයක් හෝ පරිශ්‍රයක් පාවිච්චි කිරීමට
බලය දෙමින් නිකුත් කරනු ලබන වෙළඳ බලපත්‍රය ජනවාරි මාසය තුළදී ලබා ගැනීමට කටයුතු කළ යුතුයි. තවද, එකී ස්ථානය හෝ පරිශ්‍රය 1968 අංක 14 දරන සංචාරක සංවර්ධන පනතේ කාර්යය සඳහා ලංකා සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි කර ඇති, අනුමත කර ඇති, පිළිගෙන ඇති හෝටලයක්, ආපන ශාලාවක්, නවාතැන්පළක් වන විටදී, ඊට අදාළ බලපත්‍ර ලබාදීමේදී එම ස්ථානයේ හෝ පරිශ්‍රයේ පෙර වර්ෂයේ ලැබීම්වලින් 1% ක් බලපත්‍ර ගාස්තුව ලෙස දෙහිඕවිට ප්‍රාදේශිය සභාවට ගෙවිය යුතුය.
දෙහිඕවිට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ව්‍යාපාර සඳහා වෙළඳ
බලපත්‍රක් ලබා නොගත් විටදී 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත ප්‍රකාරව චෝදනා
ඉදිරිපත් කර එම ව්‍යාපාරය වසා දැමීමට මහේස්ත්‍රාත් අධිකරණය විසින් සමාප්ති ආඥාවක් ලබාගැනීමට සිදු වේ.
ව්‍යාපාර බද්ද හා කර්මාන්ත බද්ද
ව්‍යාපාරික ස්ථාන සම්බන්ධයෙන් සිදු කරනු ලබන සමීක්ෂණයකින් පසුව යම් පරිශ්රයක
පවත්වාගෙන යනු ලබන මේ පනතේ හෝ ඒ යටතේ බලපත්‍රයක් අවශ්‍ය නොවන්නා වු සෑම
කර්මාන්තයක් සම්බන්ධයෙන් කර්මාන්ත බද්දක් අය කිරීම සිදු වේ. එසේම බලපත්‍රයක් ලබාගැනීම හෝ කර්මාන්ත බද්දක් ගෙවීම අවශ්‍ය නොවන්නාවූ යම් ව්‍යාපාරයක් දෙහිඕවිට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ඇතුළත පවත්වාගෙන යන සෑම තැනැත්තෙක්ගෙන්ම එම ව්‍යාපාරයේ පෙර වරෂයේ ආදායම මත ව්‍යාපාර බද්දක් අය කරනු ලැබේ.
එම බදු මුදල් අදාළ වර්ෂයේ මාර්තු 31 වන දිනට පෙර දෙහිඕවිට ප්‍රාදේශිය සභාවට ගෙවිය යුතුය.
සේවාලාභියා විසින් ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන –
• නිවැරිදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය.
අදාළ ගාස්තු –
• වාර්ෂික වටිනාකම මත ගාස්තු අය කෙරේ.
සේවාවට අදාළ ප්‍රධාන වැඩ පියවර –
• අයදුම්පත්‍රය ලබා ගැනීම.
• අයදුම්පත්‍රය භාර ගැනීම.
• ආදායම් පරීක්ෂක නිර්දේශ ලබා ගැනීම.
• සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිර්දේශ ලබා ගැනීම.
• සභාපති/ලේකම් අනුමැතිය ලබා ගැනීම.
• අදාළ ගාස්තු අය කිරීම.
• බලපත්‍රය නිකුත් කිරීම.
ව්‍යාපාර බදු, කර්මාන්ත බදු, හා වෙළඳ බලපත්‍ර අයදුම්පත්‍රය මෙතනින් බාගත කරගන්න.
ප්රචාරක දැන්වීම් ප්‍රදර්ශනය සඳහා ගාස්තු අය කිරීම.
දෙහිඕවිට ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ යම් වීදියකට, පාරකට,ඇළකට හෝ ඉහළින් පෙනෙන පරිදි දැන්වීමක් ප්‍රදර්ශනය කිරීමට සැළැස්වීමේදී ඒ සඳහා පහත සඳහන් පරිදි ගාස්තුවක් ප්‍රාදේශීය සභාව වෙත ගෙවිය යුතුයි. ප්‍රාදේශීය සභාවේ විධිමත් අවසරයකින් තොරව ප්‍රදර්ශනය කර ඇති සියළු දැන්වීම් ඉවත් කිරීම සිදුකරනු ලබයි.
විස්තරය වර්ග අඩියක් සඳහා අයකරන මුදල (රු.ශත)
දැන්වීම් පුවරු (තාවකාලික බැනර්) රු.20.00 (මාසිකව)
දැන්වීම් පුවරු (ස්ථිර) රු.50.00 (වාර්ෂිකව)
සේවාලාභියා විසින් ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන –
• සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
• දැන්වීම් පුවරුවේ හෝ බැනරයේ ඦායාරූපයක්
• මාර්ග රක්ෂිතයේ බැනර් ප්‍රදර්ශනය සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ නිර්දේශ සහිත
ලිපිය
සේවාවට අදාළ ප්‍රධාන වැඩ පියවර –
• සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය භාර දීම.
• ආදායම් පරීක්ෂක වෙතින් නිර්දේශ ලබා ගැනීම.
• ලේකම්/ සභාපති අනුමැතිය ලබා ගැනීම.
• අදාළ ගාස්තු අයකර ප්‍රදර්ශනයට අවසර ලබා දීම.
වාහන නැවතුම් ගාස්තු අය කිරීම.
1987 අංක 15 දරණ ප්‍රදේශීය සභා පනතේ අංක 122 හා 126 වගන්ති යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව සම්පාදනය කරන ලද 2013.12.06 දින අංක 1840 දරණ ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ සබරගමු පලාත් සභාවේ පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයා විසින් අනුමත කොට ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කොට ඇති මාර්ගවල රථ
වාහන නතර කිරීම හා එකී මාර්ගවල රථ වාහන හැසිරවීම විධිමත් කිරීම, අධීක්ෂණය කිරීම හා
පාලනය කිරීම පිළිබඳ අතුරු ව්‍යවස්ථාවේ සඳහන් ගාස්තු දෙහිඕවිට ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය
තුළ අනුමත නැවතුම්පලවල රථවාහන නතර කිරීම වෙනුවෙන් පහත සඳහන් ගාස්තු අය කිරීම සිදු කරනු ලබයි.
ත්‍රී රෝද රථයක් රථ ගාල අඛණ්ඩව පාවිච්චි කරන අවස්ථාවක (වාර්ෂිකව) – 1,000.00
ත්‍රී රෝද රථයක් රථ ගාල අඛණ්ඩව පාවිච්චි කරන අවස්ථාවක (මාසිකව) – 150.00
වෑන් රථ,බස් රථ,ලොරි රථ,ටිපර් රථ,ට්‍රේලර් සහිත වෙනත් වාහන – 1,500.00
අඛණ්ඩව පාවිච්චි කරන අවස්ථාවක (වාර්ෂිකව)
වෑන් රථ,බස් රථ,ලොරි රථ,ටිපර් රථ,ට්‍රේලර් සහිත වෙනත් වාහන – 200.00
අඛණ්ඩව පාවිච්චි කරන අවස්ථාවක (මාසිකව)
අඛණ්ඩ රථගාල පාවිච්චි නොකරන, රථ ගාලෙහි නතර කරනු ලබන රථ වාහන සඳහා පනවන
ගාස්තුව –
යතුරු පැදි සඳහා – රු.10.00
ත්‍රී රෝද රථ සඳහා – රු.20.00
කාර්,වෑන්,ජිප්,කැබ්රථ, මෝටර් රථ හා බස් රථ (ලංගම හැර) – රු. 50.00
ලොරි රථ,ට්‍රිපර් රථ,ට්‍රේලර් සහිත වෙනත් වාහන සඳහා
ඉහත සඳහන් වාහන හැර වෙනත් වාහන සඳහා – රු. 60.00
විනෝද බදු
ප්‍රාදේශීය සභාව විසින් යෝජනා සම්මතයකින් පනවනු ලබන යෝජනාවක් මඟින් එකී ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පවත්වනු ලබන විනෝද කටයුතු සඳහා ගෙවනු ලබන ඇතුළුවීමේ ගාස්තුවෙන් එම යෝජනාවේ නිශ්චිත වශයෙන් දැක්වෙන ප්‍රමාණයකට හෝ අනුකූලව බද්දක් අය කිරීම. විනෝද බදු ගෙවිය යුතු කාර්යයක් සිදු කිරීමේ ඒ සඳහා ප්‍රාදේශීය සභාවට පැමිණ අවසරය ලබා ගත යුතු අතර, නිකුත් කරනු ලබන සියළුම ප්‍රවේශ පත්‍රයන්ගේ ප්‍රාදේශීය සභාවේ නිල මුද්‍රව තැබිය යුතුයි. එසේම ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ කටයුතු ප්‍රාදේශීය සභාවේ නිළධාරීන්ගේ නිරීක්ෂණය හා අධීක්ෂණය යටතේ සිදු කළ යුතුයි.
දෙහිඕවිට ප්‍රාදේශිය සභාව විසින් සපයනු ලබන යම් යම් සේවාවන් හෝ පහසුකම් වෙනුවෙන් අයකරනු ලබන ගාස්තු හා අයදුම්පත්‍ර ගාස්තු
වීථිරේඛා අයදුම්පතක් ලබාගැනී – රු.300/-
වීථි රේඛා සහතිකය නිකුත් කිරීම – රු.450/-
ගොඩනැගිලි බලපත්‍රයක් ලබා ගැනීමේ අයදුම්පත්‍ර ගාස්තු – රු.700/-
NBRO අයදුම්පත ලබාගැනීම – රු. 25/-
ඉඩම් අනු බෙදුම් කිරීමේ අයදුම්පත්‍ර ගාස්තු – රු.250/-
කොම්ෆෝස්ට් පොහොර 1 Kg සඳහා – රු. 10/-
පාපැදි බලපත්‍රය ලබා ගැනීම පෝර්ම ගාස්තු – රු. 20/-
පාපැදි බලපත්‍රය (අංක තහඩුවට) – රු. 4/-
අනතුරුදායක ගසක්/ගස් කපා ඉවත් කිරීමේ අයදුම්පත්‍ර හා පරීක්ෂණ ගාස්තු
කොස් සහ වල් දෙල් සඳහා – රු.400/-
අනෙකුත් ගස් සඳහා – රු.300/-
පුස්තකාල සාමාජික ගාස්තු
o පාසල් ළමුන් සඳහා සාමාජික ගාස්තු – රු. 50/-
o වැඩිහිටියන් සඳහා සාමාජික ගාස්තු – රු. 100/
o අයදුම්පත්‍ර ගාස්තුව – රු. 5/-
o දිනක ප්‍රමාදය සඳහා දඩ මුදල – රු. 2/-
ශ්‍රවනාගාරය වෙන් කරගැනීම සඳහා ගාස්තු
• විවාහ මංගල උත්සවයක් සඳහා(A/C සහිත) – රු.15,000/-
• රැස්වීම් සඳහා (A/C සහිත) – රු. 3,000/-
• ශබ්ද විකාශන යන්ත්‍ර සඳහා පැයකට – රු. 300/-
• ආලෝකකරණය සඳහා පැයකට – රු. 500/-