දැනුමෙන් පිරිපුන් යහගුණයෙන් පිරි සමාජයක්
උපරිම භාවිතය තුළින් දැනුම කුසලතා ආකල්ප වලින් පිරිපුන් යහගුණැති සමාජයක් බිහිකිරීම.
දෙහිඕවිට ප්‍රදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාව වෙත උසස් සේවාවක් සැපයීම වෙනුවෙන් 2019 වර්ෂයේදී ආරම්භ කරන ලද පුස්තකාලයක් ලෙස තල්දූව මහජන පුස්තකාලය හැදින්විය හැකි වේ. මෙහි දැනට 535 ක පමණ සාමාජික පිරිසක් සිටින අතර විවිධ විෂය ක්ෂේත්‍රයන්ට අයත් 2583 ක පමණ පොත් ප්‍රමාණයක් පවතී. පුස්තකාල උපදේශන කාරක සභාව විසින් නිර්දේශ ලබා ගනිමින් දෙහිඕට ප්‍රාදේශීය සභාව මඟින් සභා අරමුදල යොදවමින් නොමිලේ ප්‍රදේශයේ ජනතාව වෙත පුස්තකාල පහසුකම් සැපයීම සිදු කරනු ලබයි. දෛනිකව පුස්තකාලය භාවිතා කිරීම සඳහා පැමිණෙන පාඨකයින්ගේ පහසුව හා ඔවුන් වෙත උසස් සේවාවක් සැපයීමේ අරමුණින් පහත සඳහන් පහසුකම් පුස්තකාලය තුළ සපයා ඇත.
I. ඩිව් දශම වර්ගීකරණයට අනුව පොත් වර්ග කර තිබීම.II. පොත් විෂයන් අනුව හඳුනා ගැනීමේ පහසුව සඳහා වර්ණ යොදමින් වර්ගීකරණය කර තිබීම.III. කියවීමේ පහසුකම්.IV. පාඨක යෝජනා හා චෝදනා වෙනුවෙන් අවස්ථාව වෙන් කර තිබීම.V. වාර්ෂිකව පොත් සංඛ්‍යාව වර්ධනය කිරීම.
සතියේ සෑම දිනකම පෙ.ව. 8.00 සිට ප.ව.4.45 දක්වා
සාමාජික අයදුම්පත්‍ර ගාස්තු – රු.5.00 සාමාජිකත්ව ගාස්තු (වැඩිහිටියන්) – රු.100.00 සාමාජිකත්ව ගාස්තු (ළමුන්) – රු.50.00 සාමාජිකත්වය අළුත් කිරීමේ ගාස්තු (අවුරුදු 2 ක් සඳහා) – රු.50.00
එච්.ඒ.ශ්‍යාමනී,පුස්තකාල සහායිකා,තල්දූව මහජන පුස්තකාලය.දු.අ. – 071-8246495
T J ලංකා ආයතනයෙන් පුස්තකාලය වෙත පොත් පරිතාග්‍ය කිරීම.
තල්දූව පුස්තකාලය විසින් පැවැත්වූ තරඟ සඳහා තාග්‍ය ප්‍රධානෝත්සවය