දෙහිඕවිට ප්‍රදේශීය සභාව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත

ජනරජයන් බිහිවීමත් සමඟම රජයේ හිමිකාරීත්වය ජනතාව සතු බවට සංකල්පයක් ඇති විය. රජය හා රාජ්‍ය ආයතන නඩත්තු කරන්නේ ජනතාවගේ බදු මුදල් වලිනි. එබැවින් ජනතා අරමුදලින් රජය සිදුකරන කාර්යයන් පිළිබඳ තොරතුරු ජනතාවට දැනගැනීමට අයිතියක් තිබිය යුතුය යන්න මූලික සංකල්පයයි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත සම්මත කළේය. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 අ ව්‍යවස්ථාව මඟින් තොරතුරු සඳහා ප්‍රවේශ වීමේ අයිතිය තහවුරු කර ඇත. රාජ්‍ය රහස් වැනි සීමාවන්ට යටත්ව තොරතුරු රාජ්‍ය ආයතන වලින් ඉල්ලා සිටීමේ අයිතියක් ජනතාවට තිබිය යුතුය. ජනතාවට අදාළවන පෞද්ගලික තොරතුරු හා ජනතාවගේ බදු මුදල් වලින් සිදු කරන ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු ජනතාවට ලබාදීමේ වගකීමක් රාජ්‍ය නිළධාරීන්ට ඇත. එම තොරතුරු ප්‍රමාදයකින් තොරව හා නිවැරිදිව ලබාගැනීම ජනතාවගේ අයිතියකි.

තොරතුරු ලබා ගත යුතු ආකාරය -

තොරතුරු ඉල්ලීමේ අයදුම්පත්‍රය මඟින්, ලිඛිත ඉල්ලීමක් මඟින්, දුරකථන ඇමතුමක් මඟින්, ඊ මේල් මඟින් නිශ්චිතව අවශ්‍ය තොරතුරු කුමක්ද යන්න පැහැදිලිව තොරතුරු නිළධාරියා වෙත දැන්වීම.

තොරතුරු නිළධාරී –
ඊ.ජී.නිහාල් ලක්සිරි,
මාණ්ඩලික සහකාර/ සංවර්ධන නිළධාරී ( 11 ශ්‍රේණිය),
දෙහිඕවිට ප්‍රාදේශීය සභාව.

දුරකථන අංකය – 036 – 2222575
ෆැක්ස් – 036 – 2222575
ඊ මේල් – dehiowitaps@yhoo.com

 

තොරතුරු ඉල්ලීමේ අයදුම්පත්‍රයකට අදාළව ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන අවස්ථාවක අභියාචනා අයදුම්පත්‍රයක් (RTI 10) මඟින් නම් කළ නිළධාරියා වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකියි.

නම්කළ නිළධාරියා –
ආර්.ඩී.නලීන් පුෂ්ප කුමාර,
ලේකම්,
දෙහිඕවිට ප්‍රාදේශීය සභාව.

දුරකථන අංකය – 036 – 2222575
ෆැක්ස් – 036 – 2222575
ඊ මේල් – dehiowitaps@yhoo.com