තොරතුරු ගවේශණ කුසලතාවයෙන් යුතු බුද්ධිමත් පාඨක පරපුරක් බිහි කිරීම
දිනෙන් දින ලෝකයට එක්වෙන නව දැනුම් සම්භාරය උකහාගෙන වර්තමාන අනාගත අභියෝගයන් ජයගත හැකි බුද්ධිමතුන් සමාජයට දායාද කිරීම.
දෙහිඕවිට ප්‍රදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාව වෙත උසස් සේවාවක් සැපයීම වෙනුවෙන් 2012 වර්ෂයේදී ආරම්භ කරන ලද පුස්තකාලයක් ලෙස ඉඹුල්පිටිය මහජන පුස්තකාලය හැදින්විය හැකි වේ. මෙහි දැනට 403 ක පමණ සාමාජික පිරිසක් සිටින අතර විවිධ විෂය ක්ෂේත්‍රයන්ට අයත් 3220 ක පමණ පොත් ප්‍රමාණයක් පවතී. පුස්තකාල උපදේශන කාරක සභාව විසින් නිර්දේශ ලබා ගනිමින් දෙහිඕට ප්‍රාදේශීය සභාව මඟින් සභා අරමුදල යොදවමින් නොමිලේ ප්‍රදේශයේ ජනතාව වෙත පුස්තකාල පහසුකම් සැපයීම සිදු කරනු ලබයි. දෛනිකව පුස්තකාලය භාවිතා කිරීම සඳහා පැමිණෙන පාඨකයින්ගේ පහසුව හා ඔවුන් වෙත උසස් සේවාවක් සැපයීමේ අරමුණින් පහත සඳහන් පහසුකම් පුස්තකාලය තුළ සපයා ඇත.
I. ඩිව් දශම වර්ගීකරණයට අනුව පොත් වර්ග කර තිබීම.II. පොත් විෂයන් අනුව හඳුනා ගැනීමේ පහසුව සඳහා වර්ණ යොදමින් වර්ගීකරණය කර තිබීම.III. කියවීමේ පහසුකම්.IV. පාඨක යෝජනා හා චෝදනා වෙනුවෙන් අවස්ථාව වෙන් කර තිබීම.V. වාර්ෂිකව පොත් සංඛ්‍යාව වර්ධනය කිරීම.
සතියේ සෑම දිනකම පෙ.ව. 8.00 සිට ප.ව.4.45 දක්වා
සාමාජික අයදුම්පත්‍ර ගාස්තු – රු.5.00 සාමාජිකත්ව ගාස්තු (වැඩිහිටියන්) – රු.100.00 සාමාජිකත්ව ගාස්තු (ළමුන්) – රු.50.00 සාමාජිකත්වය අළුත් කිරීමේ ගාස්තු (අවුරුදු 2 ක් සඳහා) – රු.50.00
එම්.වී.ශ්‍රියානි ප්‍රේමරත්න,පුස්තකාල සහායිකා,පනාවල මහජන පුස්තකාලය.
2019 වර්ෂයේ ජාතික කියවීමේ මාසය මුල් කරගෙන පුස්තකාලයේ පාඨක සිසුන් වෙනුවෙන් පෝස්ටර් චිත්‍ර තරඟයක් පැවැත්වීම.
පුස්තකාලයේ පාඨක සමාජය හා එක්ව පුස්තකාලය අවට පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් පැවැත්වීම.
සාහිත්‍ය මාසය වෙනුවෙන් පාඨක සමාජය සඳහා විවෘත පද්‍ය රචනා තරඟයක්පැ වැත්වීම.
වෙසක් පොහොය නිමිති කරගෙන පුස්තකාලය සැරසිලි වලින් අලංකාර කිරීම.