දැනුමෙන් සපිරි සමාජයක්
දැනුම නිසිලෙස ලබා දී මනස පෝෂණය කරමින් බුද්ධිමතුන් බිහි කිරීම.
දෙහිඕවිට ප්‍රාදේශීය සභා බල ප්රදේහයේ ජනතාව වෙත උසස් සේවාවක් සැපයීම වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන මාගම්මන මහජන පුස්තකාලයේ දැනට 1136 පමණ සාමාජික පිරිසක් සිටින අතර විවිධ විෂය ක්ෂේත්රයන්ට අයත් 6565 ක පමණ පොත් ප්‍රමාණයක් පවතී. පුස්තකාල උපදේශන කාරක සභාව විසින් නිර්දේශ ලබා ගනිමින් දෙහිඕවිට ප්‍රාදේශීය සභාව මඟින් සභා අරමුදල යොදවමින් නොමිලේ ප්‍රදේශයේ ජනතාවවෙත පුස්තකාල පහසුකම් සැපයීඹ සිදු කරනු ලබයි. දෛනිකව පුස්තකාලය භාවිතා කිරීම සඳහා පැමිණෙන පාඨකයින්ගේ පහසුව හා ඔවුන් වෙත උසස් සේවාවක් සැපයීමේ අරමුණින් පහත සඳහන් පහසුකම් පුස්තකාලය තුළ සපයා ඇත.
I. ඩිව් දශම වර්ගීකරණයට අනුව පොත් වර්ග කර තිබීම.II. පොත් විෂයන් අනුව හඳුනා ගැනීමේ පහසුව සඳහා වර්ණ යොදමින්වර්ගීකරණය කර තිබීම.III. කියවීමේ පහසුකම්.IV. පාඨක යෝජනා හා චෝදනා වෙනුවෙන් අවස්ථාව වෙන් කර තිබීම.V. වාර්ෂිකව පොත් සංඛ්‍යාව වර්ධනය කිරීම.
සතියේ සෑම දිනකම පෙ.ව. 8.00 සිට ප.ව.4.45 දක්වා
සාමාජික අයදුම්පත්‍ර ගාස්තු – රු.5.00 සාමාජිකත්ව ගාස්තු (වැඩිහිටියන්) – රු.100.00 සාමාජිකත්ව ගාස්තු (ළමුන්) – රු.50.00 සාමාජිකත්වය අළුත් කිරීමේ ගාස්තු (අවුරුදු 2 ක් සඳහා) – රු.50.00
කේ.එච්.හංසිකා සෝමරත්න,පුස්තකාලාධිපති,මාගම්මන මහජන පුස්තකාලය.දු.අ. – 071-7647550
ඩබ්.ජී.අයි.යූ.සුමනසිංහ,පුස්තකාල සහයිකා,මාගම්මන මහජන පුස්තකාලය.
මාගම්මන සුචරිත පෙර පාසලේ දරුවන් අතර චිත්‍ර තරයක් පැවැත්වීම.
කෑ/දෙහි අටුළුගම්වෙල ප්‍රාථමික විදුහලේ ළමුන්ට පාසල් ද්‍රව්‍ය පරිතාගය කිරීම.
සුචරිත පෙර පාසලට කතන්දර පොත් බෙදා දීම හා කතන්දර පැය වැඩසටහන.
සුගතාරාම විහාර කථින පෙරහැරට හා අටුළුගම උප තැපැල් කාර්යාලයේ මහජන ආධාරලාභීන්ට ඔසුපැන් ලබා දීම.