දැනුමෙන් පිරිපුන් යහපත් සමාජයක්
දැනුම නිසි අයුරින් ලබා දී මනස වර්ධනය කර බුද්ධිමත් සමාජයක් බිහිකිරීම.
දෙහිඕවිට ප්‍රදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාව වෙත උසස් සේවාවක් සැපයීම වෙනුවෙන් 2012 වර්ෂයේදී ආරම්භ කරන ලද පුස්තකාලයක් ලෙස ඉඹුල්පිටිය මහජන පුස්තකාලය හැදින්විය හැකි වේ. මෙහි දැනට 403 ක පමණ සාමාජික පිරිසක් සිටින අතර විවිධ විෂය ක්ෂේත්රයන්ට අයත් 3220 ක පමණ පොත් ප්‍රමාණයක් පවතී. පුස්තකාල උපදේශන කාරක සභාව විසින් නිර්දේශ ලබා ගනිමින් දෙහිඕට ප්‍රාදේශීය සභාව මඟින් සභා අරමුදල යොදවමින් නොමිලේ ප්‍රදේශයේ ජනතාව වෙත පුස්තකාල පහසුකම් සැපයීම සිදු කරනු ලබයි. දෛනිකව පුස්තකාලය භාවිතා කිරීම සඳහා පැමිණෙන පාඨකයින්ගේ පහසුව හා ඔවුන් වෙත උසස් සේවාවක් සැපයීමේ අරමුණින් පහත සඳහන් පහසුකම් පුස්තකාලය තුළ සපයා ඇත.
I. ඩිව් දශම වර්ගීකරණයට අනුව පොත් වර්ග කර තිබීම.II. පොත් විෂයන් අනුව හඳුනා ගැනීමේ පහසුව සඳහා වර්ණ යොදමින් වර්ගීකරණය කර තිබීම.III. කියවීමේ පහසුකම්.IV. පාඨක යෝජනා හා චෝදනා වෙනුවෙන් අවස්ථාව වෙන් කර තිබීම.V. වාර්ෂිකව පොත් සංඛ්‍යාව වර්ධනය කිරීම.
සතියේ සෑම දිනකම පෙ.ව. 8.00 සිට ප.ව.4.45 දක්වා
සාමාජික අයදුම්පත්‍ර ගාස්තු – රු.5.00 සාමාජිකත්ව ගාස්තු (වැඩිහිටියන්) – රු.100.00 සාමාජිකත්ව ගාස්තු (ළමුන්) – රු.50.00 සාමාජිකත්වය අළුත් කිරීමේ ගාස්තු (අවුරුදු 2 ක් සඳහා) – රු.50.00
යූ.එල්.එස්.නිලුෂිකා,පුස්තකාල සහායිකා,ඉඹුල්පිටිය මහජන පුස්තකාලය.දු.අ. – 076-3654847
පුස්තකාලයේ පාඨක සමාජය හා එක්ව පුස්තකාලය අවට පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් පැවැත්වීම.
වෙසක් පොහොය නිමිති කරගෙන පුස්තකාලය සැරසිලි වලින් අලංකාර කිරීම.
ඉඹුල්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ දරුවන් සඳහා පුස්තකාලය පරිශීලනය සඳහා අවස්ථාව සළසා දීම.
පොසොන් පොහොය නිමිති කරගෙන ඉඹුල්පිටිය පෙර පාසල හා එක්ව ධර්ම දේශනයක් පැවැත්වීම.
පාසල් නිවාඩු කාලයේදී ළමා පාඨකයින් සඳහා ළමා චිත්‍රපටක් නැරඹීමට අවස්ථාවලබා දීම.