බැරැන්ඩි කෝවිල

සීතාවක රාජධානියට අයත් ඵෙතිහාසික හා පුරාවිද්‍යාක්මක ස්ථාන අතුරින් බැරැන්ඩි කෝවිලට ප්‍රධාන ස්ථානයක් හිමිවෙයි. මේ පිළිබඳව අධ්‍යනය කිරීමට ඇති මූලාශ්‍ර කොටස් 03 කට බෙදිය හැකිය. එනම් සාහිත්‍ය මූලාශ්‍ර, පුරා විද්‍යාත්මක මූලාශ්‍ර හා ජනප්‍රවාද වශයෙනි. සාහිත්‍යමය මූලාශ්‍ර අතර සීතාවක රාජසිංහ රජුගේ කාලයට සමකාලීනව අලගියවන්න මුකවෙටිතුමා විසින් රචිත සැවුල් සන්දේශයයට ප්‍රධාන තැනක් හිමි වේ. එමෙන්ම පෘතුගීසි ජාතික දියෝගු ද කූටෝ ගේ ග්‍රන්ථයත්, පරිණා ද ක්වේරෝස් පියතුමාගේ ග්‍රන්ථයත් මෙම කෝවිල පිළිබඳ තොරතුරු සපයයි.

පුරා විද්‍යාත්මක මූලාශ්‍ර ලෙස දෙහිඕවිට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අවිස්සාවේල්ල – කෑගල්ල මාර්ගය ඔස්සේ සීතාවක පාලමෙන් ටික දුරක් ගොස් තල්දූව නගරයෙන් දකුණට හැරී යාර දෙසීයක් පමණ ගිය විට සීතාවක ගඟේ විශාල නැමුණු ස්ථානයේ ගං ඉවුරේ තිබෙන උස් භූමියක පිහිටි බැරැන්ඩි කෝවිල නමින් හඳුන්වන නටඹුන් ගොඩනැගිල්ලය. ගෘහ නිර්මාණ ශිල්පය, මූර්ති හා චිත්‍ර කලාව අතින් බැරැන්ඩි කෝවිල තුන් කෝරලයේ ගෞරවයයි.

ජනප්‍රවාදයේ එන ජනශෘති අතර බැරැන්ඩි කෝවිල ඉදිකිරීම සම්බන්ධ පැරණි කතාවක් පවසයි. සීතාවක රාජසිංහ රජුගේ කාලයට වැටෙන එම ජනප්‍රවාදය රජුට ඇමතිකම් කළ අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් විසින් රජුට පියා මැරූ පාපයෙන් (මායාදුන්නේ රජු) මිදීමට දුන් උපදෙස් මත ගෙතී පවතින්නකි. ඔහු රජුට දුන් උපදෙස් දෙකක් වේ. එනම් භික්ෂූන් වහන්සේලා 120 ක් දියේ ගිල්වා මරා දැමීම හා බ්‍රාඩි නම් යක්ෂණීට පූජාවක් වශයෙන් ඇයගේ නමින් කෝවිලක් ඉදි කිරීමත්ය.

එදා රාජසිංහ රජු විසින් ආඩි ගුරුගේ උපදෙස් මත ඉදිකළ බ්‍රාඩි කෝවිල අද සීතාවක තල්දූව ග්‍රාමයේ විද්‍යාමාන වන බැරැන්ඩි කෝවිල බව බොහෝ වියතුන්ගේ අදහස වේ. මෙහි මූර්ති හා කැටයම් කලාව පිලිබඳ අධ්‍යනයේදී ඒවා විජයනගර් කලාවට නිර්මාණය කර ඇති හෙයින් මෙම කෝවිල මෙකල හමුවන කලා නිර්මාණ අතර සුවිශේෂී නිර්මාණයක් බැවින් පුරාවිද්‍යාත්මකව, වාස්තුවිද්‍යාත්මකව හා කලාත්මකව අතිශයින් වැදගත් ඵෙතිහාසික ස්ථානයකි.

සීතාවක රාජ මාලිගය

image25
unnamed (4)

සීතාවක කඩමණ්ඩිය පසුකරගෙන වර්තමාන මහේස්ත්‍රාත් අධිකරණය ඇති පනාවල – අවිස්සාවේල්ල මාර්ගයේ සැතපුම් ¼ පමණ ගිය විට මාර්ගයේ දකුණුපස සබරගමුව පුරාවිද්‍යා ප්‍රාදේශීය කාර්යාලයට ඔබ්බෙන් උස් භූමියක පිහිටි පස් ගොඩැල්ලකි. එය සීතාවක රජ මාලිගය පිහිටි භූමියයි.

මානියංගම, බණ්ඩාර වත්ත යන නමින් ද මාළිගාවත්ත යන නමින්ද හඳුන්වන අක්කර පහක පමණ මෙම උස් බිමෙහි ඇති න්ෂ්ඨාවශේෂ මායාදුන්නේ රජුගේ මාළිගෙයි ඒවා බවත් පසුකාලීනව මෙම මාළිගය විනාශකාරී ඔලන්ද බලකොටුවක් තනා ඇති බව මෑතකදී හමු වූ සාක්ෂි මඟින් තහවුරු වේ.

මෙම ස්ථානයේ පිහිටීම අනුව එක් දිශායකින් සීතාවක ගඟද, තවත් දිශාවකින් රිටිගහ ඔයද, අනෙක් දිශාවෙන් ගැටහැති ඔයද, සීමාවන් ලෙස පිහිටා ඇත. බැදුම්ගල කදුවැටිය මෙම රජවාසලේ එක් පසකින්ය. මෙහි ආරක්ෂාව නිරතුරුවම ස්වභාව ධර්මයා විසින් ම සකසා ඇති අයුරු මනාව දිස් වේ. සෑම අතින්ම ආරක්ෂාකාරී  වූ බැවින් මෙම ස්ථානය තම මාළිගය ලෙස භාවිතා කිරීමට රජු තීරණය කරන්නට ඇතැයි සැළකේ.

පුරා විද්‍යාත්මක මූලාශ්‍ර ලෙස දෙහිඕවිට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අවිස්සාවේල්ල – කෑගල්ල මාර්ගය ඔස්සේ සීතාවක පාලමෙන් ටික දුරක් ගොස් තල්දූව නගරයෙන් දකුණට හැරී යාර දෙසීයක් පමණ ගිය විට සීතාවක ගඟේ විශාල නැමුණු ස්ථානයේ ගං ඉවුරේ තිබෙන උස් භූමියක පිහිටි බැරැන්ඩි කෝවිල නමින් හඳුන්වන නටඹුන් ගොඩනැගිල්ලය. ගෘහ නිර්මාණ ශිල්පය, මූර්ති හා චිත්‍ර කලාව අතින් බැරැන්ඩි කෝවිල තුන් කෝරලයේ ගෞරවයයි.

ජනප්‍රවාදයේ එන ජනශෘති අතර බැරැන්ඩි කෝවිල ඉදිකිරීම සම්බන්ධ පැරණි කතාවක් පවසයි. සීතාවක රාජසිංහ රජුගේ කාලයට වැටෙන එම ජනප්‍රවාදය රජුට ඇමතිකම් කළ අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් විසින් රජුට පියා මැරූ පාපයෙන් (මායාදුන්නේ රජු) මිදීමට දුන් උපදෙස් මත ගෙතී පවතින්නකි. ඔහු රජුට දුන් උපදෙස් දෙකක් වේ. එනම් භික්ෂූන් වහන්සේලා 120 ක් දියේ ගිල්වා මරා දැමීම හා බ්‍රාඩි නම් යක්ෂණීට පූජාවක් වශයෙන් ඇයගේ නමින් කෝවිලක් ඉදි කිරීමත්ය.

එදා රාජසිංහ රජු විසින් ආඩි ගුරුගේ උපදෙස් මත ඉදිකළ බ්‍රාඩි කෝවිල අද සීතාවක තල්දූව ග්‍රාමයේ විද්‍යාමාන වන බැරැන්ඩි කෝවිල බව බොහෝ වියතුන්ගේ අදහස වේ. මෙහි මූර්ති හා කැටයම් කලාව පිලිබඳ අධ්‍යනයේදී ඒවා විජයනගර් කලාවට නිර්මාණය කර ඇති හෙයින් මෙම කෝවිල මෙකල හමුවන කලා නිර්මාණ අතර සුවිශේෂී නිර්මාණයක් බැවින් පුරාවිද්‍යාත්මකව, වාස්තුවිද්‍යාත්මකව හා කලාත්මකව අතිශයින් වැදගත් ඵෙතිහාසික ස්ථානයකි.

හකුරුගල ලෙන් විහාරය හා බිසෝ පැන්න ගල

ලෙන් විහාරයකි. රුවන්වැල්ලේ සිට මයිල 1 ½ ක් දෙකක් අතර පැරණි මහනුවර මාර්ගය හා යුද්ධ මාවත ඔස්සේ සීතාවකට යන විට කැලණි ගඟේ වම් ඉවුරට මදක් දුරින් පිහිටා ඇත. මේ විහාරය යුරෝපීයන් විසින් කලාතුරකින් පැමිණ ගිය තැනක් නොවේ. එසේම එක් වරකට වඩා විස්තරද කර ඇත. මෙයට සිය වසරකට පෙර ක්‍රි.ව. 1800 දී මහනුවර කරා දූත පිරිස කැඳවාගෙන යන කල්හි පරිසිචල් හා අනෙකුත් නිළධාරීන්ගේ සිත් මේ කෙරෙහි වශීකෘත වී ඇති බව ඔවුන්ගේ දින පොත් වල සටහන් වලින් හෙලි වී ඇත.

හකුරුගලට වම්පසින් ලම්බාකාර ව මනහර ගිරි කුලකි. මෙය බිසෝ පැන්න ගල යනුවෙන් හැඳින්වේ.

අපි සීතාවක දෙසට පසු බැස ගියෙමු. ප්‍රපාතාකාර පර්වතයන් පසු කළෙමු. ඉතුත් වූ සීතාවක රජුගේ මෙහෙසියක හා දූ කුමරිය කන්ද උඩරට රජු සමඟ රජතුමා සිදු කළ සටනේදී පරාජය වූ බවට ආරංචිය ලැබී පර්වතය මත සිට පහළට පැන්න බව මෙහි දී දැන ගන්නට ලැබිණි.

(එච්.සී.පී.බෙල් මහතා – කෑගලු වාර්තාව)

මානියංගම, බණ්ඩාර වත්ත යන නමින් ද මාළිගාවත්ත යන නමින්ද හඳුන්වන අක්කර පහක පමණ මෙම උස් බිමෙහි ඇති න්ෂ්ඨාවශේෂ මායාදුන්නේ රජුගේ මාළිගෙයි ඒවා බවත් පසුකාලීනව මෙම මාළිගය විනාශකාරී ඔලන්ද බලකොටුවක් තනා ඇති බව මෑතකදී හමු වූ සාක්ෂි මඟින් තහවුරු වේ.

මෙම ස්ථානයේ පිහිටීම අනුව එක් දිශායකින් සීතාවක ගඟද, තවත් දිශාවකින් රිටිගහ ඔයද, අනෙක් දිශාවෙන් ගැටහැති ඔයද, සීමාවන් ලෙස පිහිටා ඇත. බැදුම්ගල කදුවැටිය මෙම රජවාසලේ එක් පසකින්ය. මෙහි ආරක්ෂාව නිරතුරුවම ස්වභාව ධර්මයා විසින් ම සකසා ඇති අයුරු මනාව දිස් වේ. සෑම අතින්ම ආරක්ෂාකාරී  වූ බැවින් මෙම ස්ථානය තම මාළිගය ලෙස භාවිතා කිරීමට රජු තීරණය කරන්නට ඇතැයි සැළකේ.

පුරා විද්‍යාත්මක මූලාශ්‍ර ලෙස දෙහිඕවිට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අවිස්සාවේල්ල – කෑගල්ල මාර්ගය ඔස්සේ සීතාවක පාලමෙන් ටික දුරක් ගොස් තල්දූව නගරයෙන් දකුණට හැරී යාර දෙසීයක් පමණ ගිය විට සීතාවක ගඟේ විශාල නැමුණු ස්ථානයේ ගං ඉවුරේ තිබෙන උස් භූමියක පිහිටි බැරැන්ඩි කෝවිල නමින් හඳුන්වන නටඹුන් ගොඩනැගිල්ලය. ගෘහ නිර්මාණ ශිල්පය, මූර්ති හා චිත්‍ර කලාව අතින් බැරැන්ඩි කෝවිල තුන් කෝරලයේ ගෞරවයයි.

ජනප්‍රවාදයේ එන ජනශෘති අතර බැරැන්ඩි කෝවිල ඉදිකිරීම සම්බන්ධ පැරණි කතාවක් පවසයි. සීතාවක රාජසිංහ රජුගේ කාලයට වැටෙන එම ජනප්‍රවාදය රජුට ඇමතිකම් කළ අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් විසින් රජුට පියා මැරූ පාපයෙන් (මායාදුන්නේ රජු) මිදීමට දුන් උපදෙස් මත ගෙතී පවතින්නකි. ඔහු රජුට දුන් උපදෙස් දෙකක් වේ. එනම් භික්ෂූන් වහන්සේලා 120 ක් දියේ ගිල්වා මරා දැමීම හා බ්‍රාඩි නම් යක්ෂණීට පූජාවක් වශයෙන් ඇයගේ නමින් කෝවිලක් ඉදි කිරීමත්ය.

එදා රාජසිංහ රජු විසින් ආඩි ගුරුගේ උපදෙස් මත ඉදිකළ බ්‍රාඩි කෝවිල අද සීතාවක තල්දූව ග්‍රාමයේ විද්‍යාමාන වන බැරැන්ඩි කෝවිල බව බොහෝ වියතුන්ගේ අදහස වේ. මෙහි මූර්ති හා කැටයම් කලාව පිලිබඳ අධ්‍යනයේදී ඒවා විජයනගර් කලාවට නිර්මාණය කර ඇති හෙයින් මෙම කෝවිල මෙකල හමුවන කලා නිර්මාණ අතර සුවිශේෂී නිර්මාණයක් බැවින් පුරාවිද්‍යාත්මකව, වාස්තුවිද්‍යාත්මකව හා කලාත්මකව අතිශයින් වැදගත් ඵෙතිහාසික ස්ථානයකි.

රාජසිංහ සොහොන

සීතාවක මංසන්ධියේ සිට සැතපුම් ¾ ක් පමණ දුර සීතාවක සිට මාපිටිගමට දිවෙන වැලිවිටිය පාරේ වැලිවිටිය ගමේ හිඟුරමෝදර නම් වත්තේ රාජසිංහ සොහොන පිහිට ඇත. මෙම පුරාවිද්‍යා ස්මාරකය අපට දැකගත හැකි වන්නේ අවිධිමත් සේ පිහිටි ගල්කණු කිහිපයක් ලෙසය. මෙය රාජසිංහ රජු මිහිදන් කළ ස්ථානය ලෙස පිළිගැනේ.

මානියංගම රජමහා විහාරය

අවිස්සාවේල්ල – පනාවල පාරේ මානියංගම ග්‍රාමයෙහි පිහිටි මෙම විහාරස්ථානය සීතාවක රාජධානි සමයේ පැවති අති විශිෂ්ඨ පූජනීය ස්මාරකයක් විය. මෙහි ඇති තඹ සන්නසකට අනුව මායාදුන්නේ කුමරු සීතාවක පාලන කටයුතු මෙහෙයවීමට පූර්වයෙහි සිටම එනම් ක්‍රි.ව. 1519 සිට එවක මානියංගම විහාරයේ විහාරාධිපතීත්වය හෙබ වූ ධර්මරංසි ස්ථවිරයන් වහන්සේ සමඟ සමීපතතම සම්බන්ධතාවයක් පැවැත්වූ බව කියවෙයි. එසේම රජු විහාරයේ අභිවෘද්ධිය පිණිස කටයුතු කළ බව කියවෙයි.

ඒ අනුව රජ විසින් දහඅට රියන් බුද්ධ ප්‍රතිමාවක්ද, හත්රියන් විෂ්ණු රූපයක්ද විහාරයට පූජා කර ඇති බව කියවේ.

එසේම ක්‍රි.ව. 1510 – 1594 තෙක් මෙම විහාරයේ වැඩ වාසය කළ සිටිනාමළුවේ සෝභිත හිමින්ගේ මානියංගම පුස්කොළ ලිපියේද මේ රජවරුන් සමඟ පැවති සබඳතා හෙළිවෙයි. සංඝ විරෝධී කටයුතු නවත්වන ලෙසට රාජසිංහ රජුගෙන්  ක්‍රි.ව. 1515 – 1600 තෙක් වැඩ වාසය කළ සිටිනාමළුවේ හිමියන් විසින් ඉල්ලීමක් සිදු කර ඇත

කණාමැදිරියන්වල

සීතාවක රාජමාළිගයට එක් පසෙකින් රිටිහග ඇලේ වක්කලමේ පිහිටි ගැඹුරු වලකි. මෙය කණාමැදිරියන්වල නමින්ද හඳුන්වයි. මෙම ස්ථානය සම්බන්ධයෙන් පවතින ජනප්‍රවාදයන්ට අනුව මෙම ස්තානය සීතාවක රාජසිංහ රජු සමයේ සිට ප්‍රශිද්ධව පැවති බව පෙනේ. රාජසිංහ රජු තම පිය රජතුමා මරණයට පත් කළ නිසා  එයට භික්ෂුන් වහන්සේලා අප්‍රසාදය දැක්වූ අතර, රජු අරිට්ඨ කී වෙණ්ඩු පෙරුමාල්ගේ වසඟයට පත් වීම සම්බන්ධයෙන්ද භික්ෂූන් වහන්සේලා විරෝධය දක්වා ඇත. එයට උදහස් වූ රජතුමන් විසින් භික්ෂූන් වහන්සේලා 120 නමක් සීතාවක නදියේ වූ මෙම වක්කලමේ ගිල්වා අපවත්කරවූ බවට පවතින ජනප්‍රාවාදයයි. සංඝයාවහන්සේ මර්දනය කළ වල යන අදහස ඇතිව මෙම වල හැඳින්වූයේ ගණමැඩිලිවල නමින් බවත් පසුව උච්චාරණය පහසුවට කණාමැදිරියන්වල බවට පත් වූ බවත් ප්‍රාදේශයේ විද්වතුන්ගේ අදහසයි. 

ශ්‍රී ලංකාවේ පවතින එකම වාහන ගමන් කළ හැකි එල්ලෙන පාලම - රූකාෂල් කමිබි පාලම

කහනාවිට ඇල්ල

කැලණි ගඟ - දෙහිඕවිට ප්‍රාදේශයේදී