ආයතයේ සේවයේ යෙදී සිටින සියළුම සේවාවන් වලට අයත් නිළධාරීන්ගෙන් සමන්විතව අංශ මට්ටමින් ඵලදායිතා තත්ව කව පිහිටුවා ඇත. එම තත්ව කවයන්ගේ සාමාජික යෝජනා ලබා ගනිමින් එම යෝජනා විශ්ලේෂණය කරමින් විසඳුම් ලබා දීමට කටයුතු කිරීම ඵලදායිතා තත්ව කව මඟින් සිදු කරනු ලබයි. මෙම සභාවේ තත්ව තව 04 ක් සභාපති, ලේකම්ගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ
මෙම තත්ව කවය මඟින් ආයතන අංශය නියෝජනය කරනු ලබයි. සමාජිකයින්ගෙන් අදහස් හා යෝජනා ලබා ගනිමින් එම යෝජනාවන්ගෙන් තෝරා ගත් යෝජනාවන් තාක්ෂණික ක්‍රමවේදයන් මඟින් විශ්ලේෂණය කර ක්‍රියාත්මක කළයුතු යෝජනා ක්‍රියාත්මක කිරීම.
මෙම තත්ව කවයෙන් සංවර්ධන අංශය නියෝජනය වේ. සාමාජිකත්ව යෝජනා සැළකිල්ලට ගනිමින් බලපත්‍ර නිකුත් කිරීම, ඉදිකිරීම් අනුමැති ලබාදීම් හා සංවර්ධන කටයුතු සිදු කිරීමේදී එම කාර්යයන් වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමේ කටයුතු සිදු කිරීම සිදු කරනු ලබයි
මෙම තත්ව කවයෙන් ආදායම් අංශය නියෝජනය වන ආකාරයට පිහිටුවා ඇත. ගාස්තු ගෙවීමට පැමිණෙන ජනතාවට ප්‍රමාදයකින් තොරව එම කටයුතු සිදු කිරීම හා ආදායම් උත්පාදන කටයුතු විධිමත් කිරීම සම්බන්ධ කටයුතු මෙම තත්ව කවයෙන් සිදු කරනු ලබයි.